මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග 4701ක් විනාශ කෙරේ

    අගෝස්තු 25, 2016
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මක ජාතික ආහාර සුරක්ෂිතතා සතියේ තෙවන දිනය වු ඊයේ (24) දින දිවයින පුරා වෙළෙදසැල්, හෝටල්, දුරගමන් සේවා බස්රථ නැවතුම් ආපන ශාලා රැසක් පරීක්ෂාවට ලක් කරන ලදි. 
     
    ඒ අනුව ඊයේ දිනය වනවිට සංවිධානය කළ මුළු වැටලීම් (පරීක්ෂා කිරීම්) සංඛ්‍යාව 461කි. පරික්ෂා කළ ආයතන 10389කි. මෙහිදී වර්ණ සංකේත නොමැති  පාන වර්ග අත්අඩංගුවට ගත් අවස්ථා 11125ක් වාර්තා වී ඇත. එමෙන්ම නිවේදන නිකුත් කළ දුර ගමන් සේවා බස් රථ නවත්වන වෙළෙද සැල් සංඛ්‍යාව 141කි. පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීම් 10603ක් වන අතර, 484 දෙනෙකුට නඩු පැවැරීමට කටයුතු කර ඇත.
     
    සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද බීම වර්ගවල වර්ණ සංකේත නොමැති  බීම වර්ග ඊයේ දින අත්අඩංගුවට ගත් අවස්ථා 5116ක් වාර්තා වන අතර, එම වර්ණ සංකේත නොමැති පාන වර්ග යළි අදාළ සමාගම් වෙත යොමු කර වර්ණ සංකේත යෙදු පාන වර්ග පමණක් අලෙවි කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෙළෙදසැල් හිමියටන්ට උපදෙස් ලබාදෙන ලදි. 
     
    දුරගමන් සේවා බස් රථ නවත්වන වෙළෙදසැල් 58 කට නිවේදන නිකුත් කිරීමට පියවර ගත් අතර, ඊයේ දිනය තුළ සිදුකළ වැටලීම්වලින් සොයාගත් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග 4701ක් විනාශ කිරීමට පියවර ගන්නා ලදි. වෙළෙද සැල් 191කට නඩු පැවැරීමට ද මෙහිදී පියවර ගන්නා ලදි.
     
    පසුගිය 22දා ආරම්භ කළ මෙම ආහාර සුරක්ෂිතතා සතිය මෙම මස 29දා දක්වා ක‍්‍රියාත්මක වේ. දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 1800ක් මෙම වැටලීම්වල නිරත වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. අද (25) දිනත් වෙළෙද සැල්, ආපන ශලා සහ අවන්හල්, හෝටල්, බස්රථ නැවතුම් ස්ථානවල පිහිටි ආපන ශාලා පරික්ෂා කිරීම් සිදු කෙරේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya