අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුහුණු සරසවියට ආසන 1,500ක සම්මන්ත්‍රණ ශාලාවක්

    ජූලි 25, 2016

    ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ආසන 1,500කින් සමන්විත විශාල ප්‍රමාණයේ සම්මන්ත්‍රණ ශාලාවක් රුහුණ විශ්වවිද්‍යාලයේ ඉදි කිරීමට පියවර ගෙන තිබෙන බව මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.


    රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව ලෙස නම් කර ඇති එහි සමාරම්භක සමරු ඵලකය නිරාවරණය කිරීම ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ.සිංහා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රුහුණ විශ්වවිද්‍යාල පරිශ්‍රෙය් දී සිදු කෙරිණි.

    මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියානු රුපියල් මිලියන 300 ක් ප්‍රදානය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

    2017 වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙම සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමට නියමිතය.

    සමරු ඵලකය නිරාවරණය කිරීමේ උත්සව අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය, හම්බන්තොට indhiyaanu කන්සියුලර් ජනරාල් රාජ් කුමාර්, රුහුණ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ගාමිණි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya