අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙන්තර ඇල්පිටිය සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ.

    ජූලි 01, 2016
    සෞඛ්‍ය, ග්‍රාමීය, යටිතල හා මහා මාර්ග කටයුතු වඩාත් විධිමත් පරිදි සංවර්ධනය කිරීමට මුදල් වෙන් වී ඇති බවත් ඇල්පිටිය සහ බෙන්තර  ප්‍රදේශ ඉදිරියේ දී කඩිනම් සංවර්ධනයකට යොමුවන බවත්  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
    ඒ මහතා මෙම අදහස් පැවසුයේ ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් බෙන්තර ඇල්පිටිය සංවර්ධන කටයුතු පිළිබඳව පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණු සාකච්ඡාවේදීය.
     
    ඇල්පිටිය, ගෝණගල, ඉඳුරුව, යන රෝහල් හි අඩුපාඩු සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් නව වාට්ටු සංකීර්ණයක් ගෝණගල රෝහලේ ඉදිකිරීමට අමාත්‍යංශය සමගින් සාකච්ඡා කරන බවටත් අමාත්‍යවරයා පැවසීය.
     
    ග්‍රාමීය පාලම් ව්‍යපෘති යටතේ පාලම් අතුරු ඇල්ල, තල්ගස්වල, නාගහ, බඹරවාන සහ 09 කණුව ආදී බෙන්තර ඇල්පිටිය බල ප්‍රදේශයන්හි පාලම් රැසක් ඉදිකිරීමට මේවන විට ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඇල්පිටිය වෙළඳ සංකීර්ණය නවීකරණය කිරීමට ද පියවරගෙන ඇත.බෙන්තර, ඉඳුරුව, අතුරුවැල්ල, ආදී ප්‍රදේශයන්හි ග්‍රාමීය මාර්ග රැසක් නැවත ඉදිකිරීමට ප්‍රතිපාදන වෙන්ව ඇති අතර මහජනතාවගේ අවශ්‍යතාවයන් යටතේ කඩිනමින් විධිමත්ව නීත්‍යනුකුලව ප්‍රතිපාදන වෙන්කල යුතු බවටත් මෙහිදී අමාත්‍යතුමන් වෙතින් උපදෙස් ලැබිනි. එමෙන්ම ඉදිරියේ දී බෙන්තර ඇල්පිටිය ප්‍රදේශයන් හි නිවාස 250කට ආසන්න ප්‍රමාණයක් ඉදිකිරීමට යෝජිත අතර මේවන විට ඒසඳහා ඉඩම් තෝරා ගැනීම සිදු කර හමාර බවටත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය . පුර නැගුම යටතේ ලක්ෂ 500 මුදලක් විවිධ ව්‍යාපෘති සඳහා වෙන්ව ඇති බවටත් මෙහිදී අනාවරණය විය.
     
    මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතා ඇතුළු අදාල අමාත්‍යංශයන් හි නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටිය හ.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya