අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "නිල මෙහෙවර ජංගම සේවය 2016" පොළොන්නරුවෙන් ඇරඹේ

    ජූනි 30, 2016
    ජනතාවගේ ගැටළු හා අවශ්‍යතාවයන් ජනතාව වෙතම ගොස් විසඳාලීමේ අරමුණින් රාජ්‍ය අංශයේ සේවා සපයන සියලු ආයතන එක්ව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන "නිල මෙහෙවර ජංගම සේවය 2016" ජුලි 01 හා  02 යන දෙදින  මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට නියමිතය.  
    මෙම ජංගම සේවාව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ජුලි මස 01 වන දා සිට 23 වන දා දක්වා සති අන්තය ඇතුළුව සතියේ තෝරා ගත් දිනයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවැත්වේ. 
     
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට අදාළ ඉඩම් ගැටළු රැසක් තිබෙන බවට වාර්තා වී ඇති බැවින් මෙම ජංගම සේවා මගින් ඉඩම් අමාත්‍යංශය යටතේ ඇති ආයතන හා ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය හරහා ජනතාවට තම ඉඩම් ගැටළු නිරවුල් කර ගැනීමට මහඟු අවස්ථාවක් උදා වනු ඇත. 
     
    එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විසින් සපයනු ලබන සේවාවන් එක් දිනකින් මෙහිදී ලබා ගත හැකිය. 
     
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන අලි මිනිස් ගැටුම් ආදී විවිධ උපද්‍රවයන් සඳහා තිරසාර සංවර්ධන හා වන ජීවි අමාත්‍යාංශය හා එයට අනුබද්ධ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හමුවී විසඳුම ලබා ගැනීමට මෙම ජංගම සේවය තුළින් හැකිවේ. 
     
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන හා පුහුණු වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණූ අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ආදි ආයතනයන්හි නිලධාරින් සහභාගි වීමට නියමිතය. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya