අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙල්තොට රන්කෙත්ගම නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවරේ.

    අප්‍රේල් 30, 2016
    ජාතික නිවාස හා ඉදි කිරීම් අමාත්‍යංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දිවයින පුරා ක්‍රියාත්මක කරන සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදි කළ රන්කෙත්ගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් වේ.
    නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් දෙල්තොට රන්කෙත්ගම ආදර්ශ ගම්මාන භූමියේදී පැවැත්වුනු මෙම උත්සවයේදී නිවාස ලාභීන් 25 දෙනෙක් වෙත නිවාස හිමිකම් ලබා දීමට නියමිතය.
     
    මෙම උත්සවයට සමගාමීව සැමට සෙවණ නිවාස චෙක්පත් 200 පිරිනැමීම, ප්‍රතිලාභින් 200 කට නිවාස පිලිසකර කර ගැනීම සදහා සිමෙන්ති ආධාර ලබාදීම, අඩු ආදායම්ලාභීන් සදහා කුකුළු පැටවුන් සහ මීමැසි පෙට්ටි ලබා දීම සිදු කෙරිණි.
     
    මීට අමතරව ප්‍රදේශවාසී ජනතාවගේ සුභ සාධන කටයුතු උදෙසා ඉඩම් ගැටළු විසදීමේ හා හැදුනුම්පත් ලබාදීමේ ‍ජංගම සේවා වැඩසටහනක් පැවැත්වු අතර  දන්ත සහ අක්ෂි සායනයක් සහ ආයුර්වේද වෛද්‍ය සායනයක් පැවැත්වීණි.
     
    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya