අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර දරුවන්ට දිවිනැගුමෙන් ශිෂ්‍යාධාර

    පෙබරවාරි 09, 2016
    2015 වර්ෂයේ පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ වැඩසටහනක් පසුගිය දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්විණි.
    එහිදී  ශිෂ්‍යාධාර හා ත්‍යාග ලබාගත්  දරුවන්  සංඛ්‍යාව 22 කි. එක් ශිෂ්‍යත්ව ලාභියකුට  මුදලින් රුපියල් හාරදහසක් හා පොත් කට්ටලය බැගින් ප්‍රදානය කළ අතර ඒ සදහා  වැයවු මුදල රුපියල් ලක්ෂයක් බව දිස්ත්‍රික් දිවි නැගුම අධ්‍යෂ චන්දිමා මනම්පේරි මහත්මිය පැවසුවාය. 
     
    දිස්ත්‍රික් සමාජ සංවර්ධන පදනමේ අනුග්‍රහයෙන් මෙම සද් කාර්යය සිදුකරන ලද්දේ හැට අටවන නිදහස් සැමරුමට සමගාමිවයි. 
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya