අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික් මහජන අදහස් විමසීම

    පෙබරවාරි 09, 2016

    නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික් මහජන අදහස් විමසීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ ආරම්භ වු අතර එය අද දිනද පැවැත්වේ.

     

    ජනාධිපති නීතීඥ කුෂාන් ඩී අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේමිය හුරුල්ලේ මහතාද නීතීඥ කාන්ති රණසිංහ මහත්මිය සහ ජේෂ්ඨ කතිකාචාර්ය එම්.කේ.නදීකා දමයන්ති මහත්මිය කටයුතු කරයි.

    මෙම අවස්ථාවට කෑගල්ල වැඩ බලන දිසාපති අබේවික්‍රම වනසූරිය මහතා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් රුක්මණී ආරියරත්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිළධාරීන්ද සහභාගි වුහ.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කිහිප දෙනෙකු ඊයේ යෝජනා ඉදිරිපත් කරනු ලැබූ අතර මේ පිළිබඳව දැඩි උනන්දුවක් මහජනතාව තුල දක්නට ලැබිනි.

    AP / DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya