අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දා බිඳු මුතු 2015" අද සිට

    නොවැම්බර් 27, 2015
     
     “දා බිඳු මුතු 2015“ දිස්ත්‍රික් දිවිනැගුම අලෙවි ප්‍රදර්ශනය  අද ගාල්ල මහනගර සභා ශාලාවේදී ආරම්භ විය.
    දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ගාල්ල දිස්ත්‍රික් දිවිනැගුම කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව  මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇති අතර ප්‍රදර්ශනය 27 සහ 28 යන දෙදිනම පැවැත් වේ.
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ දිවිනැගුම ප්‍රතිලාභීන් රැසක් ස්වකීය නිමැවුම් ඉදිරිපත් කර තිබූ අතර සම්භාණ්ඩ, නිමි ඇදුම්, විසිතුරු පැළ, අත්කම්, ආභරණ සහ දේශීය ආහාර ද්‍රව්‍ය රැසක් ඒ අතර විය. මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනුයේ 05 වන වරටයි. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 නියෝජනය කරමින් ප්‍රදර්ශකයින් රැසක් සහභාගී වී සිටියහ.
     
    එහි සමාරම්භක උත්සවයට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා,  ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම  යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටිය හ. 
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya