මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඛනිජතෙල් ඇමති හා නියෝජ්‍ය ඇමතිනිය CPSTL කළමණාකරණ මණ්ඩලය හමුවෙයි

    ඔක්තෝබර් 09, 2015

    ඛණිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය අද (09) පෙරවරුවේ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් හි කළමණාකරණ මණ්ඩලය හමුවිය.

    ඛණිජතෙල් සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය ඉදිරි වැඩසටහන් පිළිබඳ හා දැනට සී.පී.එස්.ටී.එල් ආයතනය තුළ පවත්නා ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධාන කර තිබිණි.

     

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ රාජ්‍ය ආදායමට අවශ්‍ය දායකත්වය ලබා ගැනීමට හා මහජන සුභසාධනයේ ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

     

    මින් පෙර මෙම ආයතන වලට සිදු වූ පරිදි දේශපාලන බලපෑම් මින් පසු සිදු වීමට ඉඩ නොතබන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය කියා සිටියාය.

     

    අමාත්‍යතුමා ද නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස තමා ද ආයතනයේ ප්‍රගමනය වෙනුවෙන් මිස වෙනත් කිසිඳු අයතා වාසි ලබා ගැනීමක් වෙනුවෙන් කිසිඳු ආයතනයක ක්‍රියාකාරීත්වයට මැදිහත් නොවන බව ද එතුමිය අවධාරණය කළාය.

     

    නියෝජ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් කියා සිටියේ ආයතනයේ දියුණුව ද සේවකයින්ගේ හෙට දවසේ දීප්තිමත්භාවය ද රඳා පවතින්නේ මෙහි සේවකයින්ගේ ම ඵලදායීතාව මත තේරුම් ගෙන සේවකයින් හා කළමණාකාරීත්වය කටයුතු කළ යුතු බවයි.

     

    රජයෙන් හෝ වෙනත් යම් ආදායම් මාර්ගයකින් උපයාගනු ලදුව මෙවැනි ආයතන වෙනුවෙන් නැවත වියදම් කරනු ලබන මුදලට උපරිම සාධාරණයක් ඉටු වන පරිදි කටයුතු කිරීමට සියළු දෙනා දැඩිව අවධානය යොමු කළ යුතු බව ද වැඩිදුරටත් අදහස් දැක්වූ අනෝමා ගමගේ මහත්මිය අවධාරණය කළාය.

     

    සීපීඑස්ටීඑල් ආයතනයේ ක්‍රියාකාරීත්වය හා ආයතන ව්‍යූවහය සම්බන්ධයෙන් ද ආයතනික මෙහිදී කළමණාකාරීත්වය විසින් අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමිය මෙහිදී දැනුවත් කළහ.

     

    මෙම අවස්ථාවට සී.පී.එස්.ටී.එල්. ආයතනයේ සභාපතිතුමා ප්‍රමුඛ කළමණාකාර මණ්ඩලය සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya