අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිසාවේ ආබාධ සහිත වූවන්ට ආධාර කිරිමට රුපියල් ලක්ෂ 280 ක්

    ඔක්තෝබර් 09, 2015
     
    මාතලේ දිස්ත්‍රික්කයේ ආබාධ සහිත වූවන්, වකුගඩු රෝගයට ගොදුරු වූවන් සහ වැන්දඹුවන්ගේ ජිවිත තත්වය උස්ස කරලීම 
    සදහා ස්වයං රැකියා ආධාර වශයෙන් රුපියල් ලක්ෂ 280 ක මුදලක් මේ වසර අවසාන විමට ප්‍රථම ලබා දිමට හැකියාව තිබෙන බවත් දිස්ත්‍රික් ලේකම් නීල්ද අල්විස් මහතා පැවසීය.           
    මේ සදහා දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම විසිරී සිටින දැනට ස්වයං රැකියාවල නිරත වී සිටින සහ ස්වයං රැකියාවක් කිරිමට බලාපොරොත්තු වන අයට මේ සදහා ඉදිරිපත් විය හැකි අතර තමන් විසින් කිරිමට  අපේක්ෂා කරන ස්වයං රැකියාවට අදාල නිෂ්පාදන සාම්පල් සහ විදිමත් ඉලක්ක සහිත ව්‍යාපෘති වාර්තාවක්  ඉදිරිපත් කල යුතුය.
     
    දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් සංගමයේ රැස්විමකට සහභාගි වෙමිනි.
     
    මෙහි දි වැඩි දුරටත් කථා කළ දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේ එසේ ස්වයං රැකියා සදහා ආධාර ලබා ගැනිමට බලාපොරාත්තු වන්නන් සෑබෑ තොරතුරු අවංකව ඉදිරිපත් කළ යුතු බවත් ආධාර ලබන්නන්ගේ ව්‍යාපර කටයුතු පිළිබදව නිරන්තර පසු විපරම් කරන බවත් ඔවුන්ගේ නිෂ්පාදන සදහා වෙළදපල අවස්ථා ලබා දිමට වැඩ පිළිවෙලක් සකස් කරන බවත් පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා ආධාර මුදල් ගෙන ව්‍යාපාර දියුණු කිරිමට යොදා නොගෙන වෙනත් කටයුතුවලට යොදා ගෙන වාර්තා වුවහොත්  නැවත එවැනි කිසිදු ආධාර මුදලක් ලබා නොදෙන බවද පැවසීය. 
     
    මෙම අවස්ථාවට දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි ධර්මරත්න බණ්ඩා මහතා , දිස්ත්‍රික් ආබාධ සහිත වූවන්ගේ සංගමයේ සභාපති එච්.එම්. කරුණාරත්න, ලේකම් එන්.ජී. වසන්ත සමන් සිල්වා, භාණ්ඩාගාරික එම්. ඒ. අජිත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.  
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya