අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙල වේගවත් කිරීමට පියවර ගැනේ

    සැප්තැම්බර් 02, 2015
     
    සහතික මිල යටතේ වී මිලදී‍ ගැනීමේ රජයේ වැඩ පිළිවෙල නතර කරන්නට යන බවට  පැතිර යන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එක් ගොවියෙකුගෙන් කිලෝ 2000 ක උපරිමයට යටත්ව ඕනෑ තරම් වි මිලදී ගැනීමට කටයුතු යොදා ඇති බවත් දිස්ත්‍රික් ලේකම් දිසාපති නීල‍්‍ ද අල්විස් මහතා පැවසීය.
     
    මෙවර යල කන්නයේ මාතලේ දිසාවේ වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙල වේගවත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙන බවත් මේ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සදහා 
    ගලේවෙල  කනාදන, දඹුල්ල, පැල්වැහැර සහ කණ්ඩලම, විල්ගමුව  නාගොල්ල සහ හදුන්ගමුව ගබඩා වලට අවශ්‍ය නිලධාරීන් සපයා ඇති බවත්  නීල් ද අල්විස් මහතා වැඩි දුරටත් පැවසීය.
     
    මිලදී ගන්නා වී පොලොන්නරුව ගබඩා වෙත ප්‍රවාහණය කිරීම පිණිස ලොරි රථ 30 ක් යොදවා ඇත.පසුගිය 01 දා වන විට මාතලේ දිස්ත්‍රික්කයේ වී මෙට්ට්‍රික් ටොන් 4150 ක් ගබඩාවලට ලැබී ඇති අතර  ඉන් මෙට්‍රික් ටොන් 3900 ක් නාඩු වන අතර මෙට්ට්‍රක් ටොන් 250 ක් සම්බා  වේ. 
     
    දැනට දඹුල්ල සහ ගලේවෙල ගබඩාවලට දිනකට මෙට්ට්‍රික් ටොන් 40 ක් පමණ ලැබෙන විට විල්ගමුව කොට්ඨාශයේ නාගොල්ල සහ හදුන්ගමුව ගබඩාවලට දිනකට මෙට්ට්‍රික් 250 ක් පමණ ලැබෙන බවද  දිස්ත්‍රික් ලේකම් වරයා පැවසීය .
     
    තදබදයක් පවතින ගබඩාවල මිලදී ගැනීමේ ධාරිතාව වැඩිකිරීමට අවශ්‍ය නිලධාරීන් යොදවා ඇති අතර අදාල ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සම්බන්ධිකරණයෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙල කඩිනම් කර ඇත.
     
    AP/DMU-Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya