අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී වගාවේ ඉලක්ක සපුරා ගැනීමට පියවර ගැනේ

    සැප්තැම්බර් 02, 2015
     
    කොළඹ දිස්ත්‍රික්කයේ 2015 යල කන්නයේ වී වගා කිරීමේ ඉලක්කය හෙක්ටයාර් 3735.23 ක් වුවද සපුරාගත හැකිව ඇත්තේ හෙක්ටයාර් 1187.67 ක  ප්‍රමාණයක් බව පසුගියදා පැවති කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී අනාවරණය විය.
    වී වගා කිරීමේදී ඉලක්කගත හෙක්ටයාර් ප්‍රමාණයට ලගා වීමට නොහැකිවු ප්‍රදේශයන් අතරට කොස්ගම, පාදුක්ක, හෝමාගම, කහතුඩුව, කැස්බෑව, මාළඹේ, කෝට්ටේ, කොලොන්නාව, මහරගම යන ප්‍රදේශයන් අයත්වේ.
     
    මෙම තත්ත්වය පිළිබද කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කය නාගරික ප්‍රදේශයක් වුවත් වගා කළ හැකි කුඹුරු ඉඩම් ප්‍රමාණය ඉතා විශාල බවත් දැනටමත් පුරන් වී ඇති කුඹුරු වගා කිරීම සදහා වැඩසටහන් රැසක් අවධිගත කර ඇති බවත්ය. 
     
    ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම්, බීජ, පොහොර ලබා දීම සදහා ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව  ඇතුලු ආයතන රැසකගේ  සහය මේ සඳහා ලැබෙනවා.එහෙත් වගා කළ හැකි බිම් ප්‍රමාණය කොතෙක් ද යන්න තවමත් හරියටම අපේ නිලධාරින් හදුනාගෙන නැහැ. ගම් මට්ටමේ කෘෂී කර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයාගේ සිට ගොවි ජන සංවර්ධන නිලධාරීන් දක්වා මේ පිළිබද දැඩි ලෙස අවධියෙන් සිටිය යුතු යයිද තවදුරටත් අදහස් දක්වමින්  කමල් පත්මසිරි මහතා පැවසීය.
     
     වී වගා කිරීමේ වාර්ෂික ඉලක්ක හඳුනා ගැනීමේදී ගොවියන් සමඟ සාකච්ජා කළ යුතුයි. විශේෂයෙන් කන්න රැස්වීම්වලදී ඉලක්ක  සපුරා ගැනීමේ ක්‍රමවේදයන් සාදා ගැනීම ප්‍රයෝජනවත්. එහෙම නොවුනහොත් එම ඉලක්ක් මත ඇනවුම් කරන පොහොර ,බිත්තර වී හා වෙනත් දේ අපතේ යා හැකිය.
     
    දැනටමත් යල කන්නයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා පොහොර ලේකම් කාර්යාලයෙන් ඇනවුම් කරනු ලැබු පොහොර ප්‍රමාණය එවා ඇතත් මෙම තත්ත්වය හේතුකොට ගෙන පොහොර තොඟ ඉතිරිව ඇත. ඒ නිසා යල කන්නයේ වී වගාව සඳහාවු ඉලක්ක සපුරා ගැනීමට නොහැකිවු හේතු වාර්තා කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කොළඹ සහකාර ගොවිජන සේවා කොමසාරිස් යසින්තා ගුණවර්ධන මහත්මියට උපදෙස් දෙන ලදී.
     
    AP/DMU-Colombo
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya