අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත තුළ ප්‍රවාහන සතියක් ප්‍රකාශයට පත් කෙරේ.

    සැප්තැම්බර් 02, 2015
     
    මධ්‍යම පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් මස 07  - 13  වන දින දක්වා කාලය මධ්‍යම පළාතේ ප්‍රවාහන සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.  

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සැප්.07 වැනි දින පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී  සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය.මෙම ප්‍රවාහන සතිය තුළ රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වැඩසටහන් රැසක් දියත් කර තිබේ. මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන තුළ ත්‍රිරෝද රථ රියදුරන් සහ පෞද්ගලික බස් රථ රියදුරන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

     
    මීට අමතරව පළාත තුළ ඇති ධාවනයට නුසුදුසු තත්වයෙන් පවතින රථ වාහන වැටලීම සදහා රථ වාහන පොලීසිය සමග එක්ව තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පවසන මධ්‍යම පළාත් මෝටර් රථ ප්‍රවාහන කෙමසාරිස් නිරංජන් ශ්‍රීමන්ත සේනාධීර මහතා එවැනි වාහන සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට කටයුතු කරන බවද දැනුම් දෙයි.  
     
    "රිය අනතුරු අවම මැද රටක් සදහා - නුවණින් වලකමු මහමග අනතුරු" යන තේමාව යටතේ දියත් කරන මෙම වැඩසටහන යටතේ පළාතේ දිස්ත්‍රික්ක තුනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් 
    මාර්ග ආරක්ෂණ ඒකක පිහිටුවීමටද කටයුතු යොදා ඇත. ඒ සදහා දිස්ත්‍රික් මට්ටමින් පොලීසිය, මෝටර් රථ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, සහ දිස්ත්‍රික් රෝහල් ඇතුළු රජයේ 
    සහ සිවිල් සංවිධාන නියෝජනය වන පරිදි සාමාජිකයන් පත් කර ගැනීමට නියමිතය.
     
    පසුගිය වසර දෙකක කාලය තුළ මධ්‍යම පළාතේ පමණක් රථ වාහන අනතුරු වලින් මිය ගිය සංඛ්‍යංව 352 ක් බව පවසන මධ්‍යම පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා එයින් වැඩිම පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයට අයත් බව පවසයි. එම සංඛ්‍යාව 194 කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉකුත් වසර දෙකේ රථ වාහන අනතුරු වලින් 118 ක් මිය ගොස් ඇති අතර, නුවරඑළියෙන් රථ වාහන අනතුරු නිසා මියගොස් ඇති සංඛ්‍යාව 40 කි. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් යම් ප්‍රමාණයකින් හෝ පළාතේ රථ වාහන අනතුරු අවම කිරීමට හැකි වනු  ඇති බව ‍සේනාධීර මහතා පවසයි.
     
     
    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya