මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ අස්ගිරි මහා නාහිමි උපහාර උළෙල

    සැප්තැම්බර් 01, 2015
     
    අපේ රටේ සංඝයා වහන්සේ කෙනෙකුට ලබා ගත හැකි උසස් ම ධූරයක් වූ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක ධූරය දක්වා තමන්ට පැමිණිමට හැකි වුයේ තමා අධ්‍යාපනය ලත් මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙන මගින් ලබාගත් ආගමික අධ්‍යාපනය නිසා බවත් ,එම පිරිවෙනේ එකල සිටි පරිවෙනාධිපති ඇතුළු ආචාර්ය මණ්ඩලය තමාට කිසි දිනෙක අමතක නොවන්නේ යැයි ශ්‍යෙමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක, අතිපූජ්‍ය ගලබොඩ අත්තදස්ස්‍යාභීධාන හිමිපාණන් වහන්සේ පැවසූ සේක.
    උන් වහන්සේ මෙසේ වදාලේ පසුගියදා මාතලේ ධර්මරාජ පිරිවෙනේ උන්වහන්සේ වෙනුවෙන් පැවැති උපහාර උත්සවයට සහභාගි වූ අවස්ථාවේදී ය.
     
    තමා මේ උතුම් පදවිය පිළිබදව කිසිදු ආකාරයක උත්සාහයක් නොකළ බවත්,අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව ඒකමතිකව තමා තෝරාගත් බවත්, ඊට හේතු විය හැක්කේ අස්ගිරි විහාර පාර්ශ්වය වෙනුවෙන් තමා සිදු කළ මෙහෙවර බවත් උන් වහන්සේ පැවසූ සේක.
     
    එසේම මේ උසස් ධූරය දක්වා ගමන් කිරිමට අවශ්‍ය ආගමික දැනුම ,බණ දහම් පිළිබද අවබෝධය ,විනය ක්‍රියා මාර්ග, ශික්ෂණය ලබා දිම පිළිබදව මාතලේ ශ්‍රී  ධර්මරාජ පිරිවෙනට තමන් ණයගැති බවද පැවසූ උන්වහන්සේ මාතලේ පළාතේ අහිංසක උපාසක උපාසිකාවන් තමන් වහන්සේගේ අවශ්‍යතා සොයා බලා ඉටු කර දුන් බවද සිහිපත් කළ සේක.
     
    මෙම උත්සවය අමතා මාතලේ ධර්මරාජ පිරිවෙනේ පරමේධානාස්වර මාතලේ දිසාවේ අස්ගිරි විහාරයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොස්ගොල්ලේ ශීලරතන හිමිපාණන් වහන්සේ පැවසූවේ මාතලේ ධර්මරාජ පිරිවෙන ජාතියට මහා සංඝපීතෘවරයානන් වහන්සේලා රැසක් බිහි කළ බවත්, මහානායක හිමිපාණන් වහන්සේලා දෙනමක් , අනුනායක හිමිපාණන් වහන්සේලා දෙනමක් ඇතුළු ධර්මධර විනයධර හිමිපාණන් වහන්සේලා රැසක් මේ පිරිවෙනෙන් බිහි කළ බවත්ය.
     
    AP/DMU-Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya