අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මිළදී ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට පියවර ගැනේ

    සැප්තැම්බර් 01, 2015
     
    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මිළදී ගැනීමේ ක්‍රියාවලිය  ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇතිබව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස් සේනානායක මහතා පවසයි.
    වී අලෙවි මණ්ඩලය මගින් දැනට  දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 17 කදී ගොවීන්ගෙන් මිලදී ගැනීම සිදු කරන අතර මිලදී ගන්නා වී තොග  ගබඩා කිරීම සදහා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා ප්‍රමාණවත් නොවුණහොත් දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති සතු හිස්ව පවතින ගබඩා සහ පෞද්ගලික අංශයේ වී ගබඩා හෝ කුලී පදනම මත ලබා ගැනීමට කටයුතු යොදා ඇතිබවද ඒ මහතා තවදුරටත් පැවසීය.
     
    මීට අමතරව ජංගම ලොරි රථ මගින් වී මිලදී ගැනීමේ වැඩ පිලිවෙළක්ද අද ආරම්භ කර ඇත. තවද පසුගිය දිනවලදී මාධ්‍යවල පලවු පරිදි සමුපකාරය සතු ගබඩාවල පවතින වී තොග විනාශ වීමේ අවදානමක් නොමැති බවද   එස් සේනානායක මහතා තවදුරටතේ පැවසීය.  
     
    AP/DMU- Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya