අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියාවලට යොමු කිරීමේ වැඩමුළුවක් රත්නපුරදී

    මාර්තු 25, 2014

    රත්නපුර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත යෞවන, යෞවනියන් වෘත්තීය පුහුණුව තුළින් විදේශ රැකියාවලට යොමු කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩමුළුවක් ලබන 27  දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයෙදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ අංශය සඳහන් කරයි. 

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් මත ක්‍රියාත්මක කරන මෙම වැඩමුළුව මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ‍ය එක්ව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති වෘත්තීය මාර්ගෝපදේශ අංශයේ සියලු ම නිලධාරීන් එක්ව සංවිධානය කරනු ලබයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 තුළ පදිංචි රට විරු පවුල්වල සහ රට විරු නොවන පවුල්වල උසස් පෙළ අධ්‍යාපනය හදාරන සහ උසස් පෙළ හදාරන් නැති රැකියා විරහිත යෞවන, යෞවනියන් සඳහා පමණක් මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව පැවැත්වේ.

    වැඩමුළුව මගින් අවශ්‍ය උපදෙස් හා මග ‍පෙන්වීම සිදු කරන අතර, විදේශ රැකියා සඳහා පුහුණු කරන ආයතන වලට අදාළ යෞවන, යෞවනියන් වැඩමුළුව අවසානයේ යොමු කෙරේ. පුහුණුවෙන් පසු විදේශ රටවල රැකියා සඳහා ඔවුන් යොමු කරවන බවද රත්නපුර දිස්ත්‍රික් වෘත්තීය මාර්ගොපදේශ අංශය සඳහන් කරයි.


    ECB/NR dmu (Rathnapura)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya