අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයනික පොහොර වර්ග සඳහා ප්‍රමිතිකරණයක්

    අගෝස්තු 01, 2015

    විවිධ රටවලින් ආනයනය කරනු ලබන රසායනික පොහොර සඳහා ආනයනකරන්නන්ගේ ද එකඟතාවය මත කෘෂිකර්ම අමාත්‍යංශය නිසි ප්‍රමිතියක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කොට ඇත.

     
    ඒ අනුව පොහොර ආනයනය කරන්නන්ගේ ද එකඟතාවය ලබාගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොහොර නිර්දේශයට අයත් නොවන පොහොර ඇගයීමේ ක්‍රියාවලියක් ශාඛාගාර තුළ දී හා වගා ක්ෂේත්‍රවලදී ආරම්භ කිරීම සිදු කෙරෙන අතර දීප ව්‍යාප්ත මට්ටමින් ශාඛාගාර මට්ටමේ පරික්ෂාවන් හා ක්ෂේත්‍රවලදී සිදුකරනු ලබන පරික්ෂාවන් සඳහා ආනයනකරුගෙන් හෝ ප්‍රධාන දේශීය සැපයුම්කරුගෙන් මුදල් අයකර ගැනීමට නියමිතය.
     
     
    මේ වන විට වෙළෙඳපොලෙහි විවිධ රටවල නිෂ්පාදිත විවිධ ගුණාත්මකභාවයෙන් යුත් රසායනික පොහොර මිශ්‍රණ වර්ග 100කට අධික ප්‍රමාණයක් දක්නට ලැබේ. 
     
     
    කෘෂි භෝග සඳහා පොහොර යෙදීමේ දී භෝග විශේෂය, පාංශු වර්ගය සහ තත්ත්වය, දේශගුණික කාලප යනාදී සාධක මත පදනම් ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඒ ඒ කෘෂි භෝග සඳහා නිර්දේශිත පොහොර ප්‍රමාණයන් ප්‍රකාශයට පත් කර ඇත. නමුත් වාණිජ වශයෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලෙන ගොවීන් ඉහළ ආර්ථික වාසි ලබාගැනීමේ අරමුණින් රසායනික පොහොර බහුල වශයෙන් භාවිත කිරීමට යොමු වී ඇත.
     
     
    මේ හේතුවෙන් මෑත කාලීනව ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති අතර ප්‍රමිතියෙන් උසස් හා නිර්දේශිත පොහොර භාවිතය තහවුරු කිරීම සඳහා විශේෂිත පොහොර ඇගයීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම මෑත කාලීන අවශ්‍යතාවයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya