මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ පවතින නිදන්ගත වකුගඩු රෝග ප්‍රශ්නය විසඳීම සඳහා චීනය අඛණ්ඩ සහය

    අගෝස්තු 01, 2015

    ශ්‍රී ලංකාවේ පවතින නිදන්ගත වකුගඩු රෝග ප්‍රශ්නය විසඳීම සඳහා චීනය අඛණ්ඩව සහය දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Yi Xianliang මහතා පැවසීය.


    ශ්‍රී ලංකාවේ පවතින වකුගඩු රෝග ප්‍රශ්නය විසඳීම සඳහා විදේශ තානාපතිවරුන් හා ජාත්‍යන්තර ආයතනවල නියෝජිතවරුන් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට එක් වෙමින් තානාපතිවරයා මේ බව පැවසීය.


    එම අවස්ථාවට එක් වූ චීන තානාපති Yi Xianliang මහතා පැවසුවේ, පානීය ජල තත්ත්වය යහපත් කිරීම හා වකුගඩු රෝග ප්‍රශ්නය විසඳීම සඳහා ශ්‍රී ලංකාව දරා ඇති වෑයමට චීනය අඛණ්ඩව සහය ලබා දෙන බවයි. වකුගඩු රෝගය වැළැක්වීම හා ප්‍රතිකාර යනාදී ක්‍ෂේත්‍රවලදී චීනය ශ්‍රී ලංකාවට ප්‍රබලව සහය ලබා දී තිබෙන අතර අඛණ්ඩව එම සහය තවදුරටත් ලබා දෙනු ඇති බවද හෙතෙම පැවසීය.


    පසුගිය වසර 3ක් තුළ චීන විද්‍යා ඇකඩමියේ විශේෂඥ කණ්ඩායම 7වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ අදාළ ප්‍රදේශවල ජල තත්ත්වය පරීක්ෂා කර තිබේ. මේ වසරේ මාර්තු මස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ චීන සංචාරය තුළදී චීන විද්‍යා ඇකඩමිය හා ශ්‍රී ලංකා නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූහ.


    මෑතකදී වරණීය ණය හා වාණිජ ණය ලබා දීම මගින් චීන සමාගම් ශ්‍රී ලංකාවේ ජල සම්පාදන ව්‍යාපෘති කීපයක් ස්ථාපිත කර තිබේ. මෙවැනි ව්‍යාපෘති අඛණ්ඩව ස්ථාපිත කිරීමට චීනය අපේක්ෂා කරයි. ඉන් ශ්‍රී ලංකා ජනතාවට පිරිසිදු පානීය ජලය සපයයි.


    පසුගිය මාර්තු මස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ චීන සංචාරය තුළදී පොලොන්නරුවේ වකුගඩු රෝග ප්‍රතිකාර රෝහයක් ස්ථාපිත කිරීමට චීනය එකඟතාව පළ ක‍ළේය. ශ්‍රී ලංකාවේ තත්ත්වයට අනුව Yi Xianliang මහතා යෝජනා කළේ ශ්‍රී ලංකාවේ අදාළ ප්‍රදේශවල වකුගඩු රෝග ප්‍රතිකාර ශාඛා ස්ථාපිත කරන බවයි. මේ වන විට දෙපාර්ශවය ඌව ඇතුළු පළාත් කිහිපයක රෝග ප්‍රතිකාර ශාඛා ගොඩනැගීමේ සම්භාවිතාව පර්යේෂණ කරමින් පවතී.


    චීනය ලබා දී ඇති දායකත්වය පිළිබඳ ජනාධිපති සිරිසේන මහතා එහිදී ප්‍රසාදය පළ කළේය. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය හා චීන අදාළ දෙපාර්තමේන්තු සමඟ සමීප ලෙස සාකච්ඡා පවත්වන ලෙසටද හෙතෙම උපදෙස් දී තිබේ.



    ECB/CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya