අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිසංස්කරණය කළ අභයගිරි අද සිට නැවත පොදු ජන පුණ්‍යානුමෝදනාවට

    ජූලි 31, 2015
    ප්‍රතිසංස්කරණය කරන ලද අභයගිරි ස්තූපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පස්වරු 2.30ට පොදු ජනයාගේ පුණ්‍යානුමෝදනාවට ලක් කෙරේ. 
     
    මෙම අවස්ථාව සඳහා භික්ෂූන් වහන්සේලා 250ක් ඇතුළු භික්ෂුනීන් වහන්සේලා 50නමක් ඇතුළුව ආරාධිතයන් 1000ක් පමණ සහභාගිවීමට නියමිතය. මෙදින මෙම පුණ්‍යානුමෝදනා අවස්ථාවට දිවයිනේ නන් දෙසින් සහගාගිවන සැදැහැති පිරිස් වෙනුවෙන් දන්සැල් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    1997 වසරේ දී මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති අතර එම කටයුතු අවසන් කිරීම දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් රුපියල් මිලියන 519.5ක මුදලක් වැය කොට තිබේ.
     
    පැරණි අනුරාධපුර ඇතුල් නගරයට උත්තර දිශාවෙන් පිහිටා ඇති අභයගිරිය විහාරාරාමයේ ආරම්භය ක්‍රි.පූ. 88 - 77 වළගම්බා රාජ්‍ය සමයේ දී සිදු වූ බව වංශකතා හා ජනශ්‍රැති සාධක මගින් විද්‍යාමාන වේ. අභයගිරිය චෛත්‍ය රාජයාණන් වහන්සේ පසුකාලයේ දී I වන ගජබාහු (ක්‍රී.ව. 114 - 136), IVවන කාශ්‍යප (ක්‍රි.ව. 898 - 914 ) යන රජවරුන් අතින් මෙම චෛත්‍ය ප්‍රතිසංස්කරණය වී ඇති අතර අවසන් වරට (ක්‍රි.ව. 1153 - 1186) මහා පරාක්‍රමභාහු රජ සමයේ දී ප්‍රතිසංස්කරණය කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya