අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන්දනාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව

    ජූලි 30, 2015
    උත්සව සමය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔකඳ සහ තලවිල යන ප්‍රදේශයන් හි නාවික හමුදා ක්ෂණික මුදවාගැනීමේ හා සහන බලඝනයේ ජීවිතාරක්ෂක කණ්ඩායම් කිහිපයක් යෙදවීමට නාවික හමුදාව කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව කතරගම වාර්ෂික ඇසළ උත්සවයට සහභාගී වීම සඳහා යමින් සිටින විශාල බැතිමතුන් සංඛ්‍යාවක් ඔකඳ දේවාලය වැඳපුදා ගැනීමට පැමිණෙන අතර, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක් ජීවිතාරක්ෂක කණ්ඩායමක් ඔකඳ වෙරළ තීරයේත්, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තලවිල වෙරළ තීරයේත් ජීවිතාරක්ෂක කණ්ඩායම් 03ක් අවශ්‍ය  ජීවිතාරක්ෂක උපකරණ ද සමගින් යෙදවීමට නාවික හමුදාව කටයුතු කර ඇත. 
     
    පසුගිය පොසොන් සමයේ අනුරාධපුර හා ත්‍රිකුණාමළ ප්‍රදේශයේ වැවි 11 ක් ආවරණය කරමින් නාවික හමුදා ක්ෂණික මුදවාගැනීමේ හා සහන බලඝනයේ ජීවිතාරක්ෂක කණ්ඩායම් 20ක් පමණ යොදවා සිටි අතර, නුවර වැව, තිසා වැව, කලාවැව හා තන්තිරිමලේ පොකුණ යන ස්ථානයන් හිදී දියේ ගිලී අනතුරට පත් සිව් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට නාවික හමුදාවට හැකි විය. 
     
    ගංවතුර හා රළු මුහුදු තත්ත්වයන් වැනි ස්වභාවික ආපදා අවස්ථාවන් හි ආපදාවට ලක්වන පුද්ගලයන් බේරා ගැනීම සඳහා නාවික හමුදා ක්ෂණික මුදවා ගැනීමේ හා සහන බලඝනය සුවිශේෂී මෙහෙයක් ඉටු කරනු ලබන අතර, ජීවිතාරක්ෂක පුහුණුව ලැබූ නාවික පුද්ගලයන්ගෙන් හා ඒ සඳහාම නිර්මාණය කරන ලද යාත්‍රාවන්ගෙන් එම බලඝනය සමන්විත වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya