අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ සුන්දරත්වය මත්ද්‍රව්‍ය නිසා අසුන්දර වීමට ඉඩ නොදෙමු.

    ජූලි 30, 2015
    නිදහසේ මත්පැන් භාවිතාකර විනෝද විය හැකි ස්ථානයක් ලෙස සිතා නුවරඑළියට එන දේශීය සංචාරකයන් බොහොමයක් වැරදි අවබෝධයකින්  කටයුතු කරන බවත් එම තත්ත්වය වෙනස් කිරීමට සෑමදෙනාම එක්ව කටයුතු කළ යුතු බවත් නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යු.ඩබ්ලිව්.ආර්.යු.එම්.අමරසේකර මහත්මිය පැවසීය.
    ඒ මහත්මිය මෙසේ අදහස් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය නිවාරණ මාසයට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය සම්මන්ත්‍රණ ශාලාවේ පැවති  මතින් නිදහස් නුවරඑළිය - විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනට එක්වෙමිනි. 
     
    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙම වැඩ සටහන සංවිධානය කර ඇත. දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය, වැඩිහිටි සංවිධාන, යෞවන සමාජ , ක්‍රීඩා සමාජ. ත්‍රීවීල් සංගම්, පාසල් ළමුන් ප්‍රවාහන රථ රියදුරු සංගම් ඇතුළු ස්වේච්ඡා සංවිධාන හා ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩ සටහනට පැවැත්විණි.
     
    මත්ද්‍රව්‍ය භාවිතයේ සෞඛ්‍යමය හා සමාජමය පරිහානිය ,මත්ද්‍රව්‍ය භාවිතය හා බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන් ,මත් ද්‍රව්‍ය භාවිතයෙන් අහිමිවන ආර්ථික ලාභය යන මාතෘකා යටතේ දේශන රැසක්ද මෙහිදී පැවැත්විණි. 
      
     AP/DMU-Nuwaraeliya
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya