අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල යටිදැරිය - උඩුව මාර්ගය රුපියල් ලක්ෂ 270ක වියදමින් සංවර්ධනය කරයි

    ජූලි 04, 2015
    සබරගමුව පළාත් සභාව මගින් කෑගල්ල යටිදැරිය - උඩුව මාර්ගය කාපට් අතුරා මුළුමනින්ම සංවර්ධනය කිරීමට කටයුතු කරයි. මෙම මාර්ගයේ වැඩ ආරම්භ කිරීම පසුගියදා සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    යටිදැරිය - උඩුව මාර්ගය කලක පටන් අබලං තත්ත්වයෙන් පැවතිණි. මෙම මාර්ගය ඉදිකර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් විසින් වරින්වර විරෝධතා ද පවත්වනු ලැබීය.
     
    රුපියල් ලක්ෂ 270ක් වැය කර ඉදිකෙරෙන මෙම මාර්ගය කි.මී. 3කින් සමන්විත වන අතර එය මන්තීරු දෙකකින් යුක්තව ඉදිකිරීමට නියමිතය.
     
    තේ, රබර්, වී ඇතුළු කෘෂි ආර්ථිකයකින් යැපෙන යටිදැරිය - උඩුව ප්‍රදේශවාසීන්ට මෙම මාර්ගය ඉදිවීමත් සමග විශාල පහසුවක් උදාවේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya