අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුව 07දා රැස්වේ

    ජූලි 04, 2015
    මාතර දිස්ත‍්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් 07දා පෙරවරු 9. 30 ට මාතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ තීන්දු තීරණ කි‍්‍රයාත්මක වීම පිළිබඳ ප‍්‍රගතිය, කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට සම්බන්ධ ආයතනවල ප‍්‍රගතිය, ප‍්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැනනගින ගැටළු පිළිබඳව, විවිධ පුද්ගලයන් විසින් දිස්ති‍්‍රක් කෘෂිකර්ම කමිටුවට එවන ලද ලිපි සම්බන්ධව සහ මෙම කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කෙරේ.
     
    මේ අවස්ථාවට දිස්ත‍්‍රික්කයේ සියලු ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප‍්‍රදේශීය ලේකම්වරු ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයන් සහභාගිවීමට නියමිතය.
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya