අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බහුදින ධීවර යාත්‍රා සඳහා යාත්‍රා නිරීක්ෂණ උපකරණ පද්ධති

    ජූලි 03, 2015

    ජාත්‍යන්තර මුහුදේ ධීවර මෙහෙයුම් බලපත්‍ර ලබා ගෙන ඇති සියලු ම බහුදින ධීවර යාත්‍රා සඳහා යාත්‍රා නිරීක්ෂණ උපකරණ පද්ධති හෙවත් වී.එම්.එස්. ට්‍රාන්ස්පොන්ඩර් උපකරණ සවිකරමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


    දැනට යාත්‍රා 320ක් සඳහා මෙම උපකරණ සවිකර අවසන්ය. ඉදිරි සති කිහිපය තුළ තවත් උපකරණ 200කට ආසන්න ප්‍රමාණයක් යාත්‍රාවලට සවිකිරීමට නියමිතය. රුපියල් 375,000 වටිනා මෙම උපකරණ සම්පූර්ණයෙන්ම රජයේ අනුග්‍රහය මත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් ධීවර යාත්‍රාවලට නොමිලේ සවිකරනු ලැබේ.

    ධීවර යාත්‍රාවලට සවිකරනු ලබන වී.එම්.එස්. ට්‍රාන්ස්පොන්ඩර් මඟින් යාත්‍රාව මුහුදු ගමන් ආරම්භ කළ අවස්ථාවේ සිට මුහුදු ගමනේ අවසානය දක්වා ම අවශ්‍ය තොරතුරු ලබා ගත හැකියි. එනම්, යාත්‍රාවේ ගමන් මාර්ගය, දිශාව, ගමන් කරන වේගය, මුහුදු ගමනට ගත වූ කාලය, අක්ෂාංශ හා දේශාංශ අනුව යාත්‍රාව ඇති ස්ථානය ආදි කරුණු යාත්‍රාවේ අයට පමණක් නොව ගොඩබිම සිටින අයට ද දැනගැනීමට අවස්ථාව මෙමඟින් ලැබේ. මෙම උපකරණ මඟින් යාත්‍රාව ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේ ද ජාත්‍යාන්තර මුහුදේ ද එසේත් නොමැති නම් වෙනත් රටකට අයිති ජල තීරයක ද යන්නත් අදාළ බලධාරීන්ට ගොඩබිම සිට නිවැරදිව හඳුනාගත හැකි වේ.

    වී.එම්.එස්. හෙවත් යාත්‍රා නිරීක්ෂණ පද්ධතියන් තිබීම යාත්‍රාවේ හා එහි ධීවර කාර්මිකයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් වෙනවා. මහ මුහුදේ සිදු විය හැකි අනතුරක් සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව මෙන්ම එවැනි අනතුරක් සිදු වූ හෝ අතරමං වී ඇති ස්ථානය හෝ නිවැරදිව ලබා ගැනීමේ හැකියාව ද මෙම වී.එම්.එස්. මඟින් ලැබෙනු ඇත.මෙම උපකරණ ඉතා වටිනා සහ ඉතා අත්‍යවශ්‍ය උපකරණ බැවින් ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කරන ලෙසත් ඒවා ආරක්‍ෂා කර ගන්නා ලෙසත් ධීවර දෙපර්තමේන්තුව සෑම ධීවර කාර්මික මහතෙකුගෙන්ම ඉල්ලා සිටී.

    මෙම වී.එම්.එස්. උපකරණ කට්ටලයේ ඇති හදිසි අනතුරු පිළිබඳ දැනුම් දීම සඳහා ඇති රතු පැහැති බොත්තම නිකරුනේ ක්‍රියාත්මක නොකරන ලෙස එම අමාත්‍යාංශය ඉල්ලා සිටී. ධීවර කාර්මිකයාට මුහුණපෑමට සිදුවන හදිසි අනතුරකදී හෝ විපතකදී හෝ අතරමං වීමකදී හෝ පමණක් එම ස්විචය ක්‍රියාත්මක කළ යුතුයි. එම ස්විචය නිසි ආකාරව ක්‍රියා කරනවාද යන්න අත්හදා බැලීමට නිකරුනේ ක්‍රියාත්මක කිරීමෙන් වැලකිය යුතුයි. අනතුරු ඇඟවීමේ රතු පාට බොත්තම ක්‍රියාත්මක කිරීමේ වාරයක් පාසා ඒ සඳහා ඇමරිකානු ඩොලර් 1.08ක වියදමක් දැරීමට සිදු වේ.

    මෙම වී.එම්.එස්. හෙවත් යාත්‍රා නිරීක්ෂණ පද්ධතිවල ක්‍රියාකාරී මෙහෙයුම් කටයුතු සඳහා මාසික ගාස්තුවක් ගෙවීමට ධීවර යාත්‍රා හිමියාට සිදු වේ. එය දළ වශයෙන් මාසයකට රුපියල් 2000ක් පමණ වේ. එම මාසික මෙහෙයුම් ගාස්තුව ද පළමු වසර පුරාවම රජය මඟින් ගෙවීමටත්, එමඟින් ධීවරයාට යම් සහනයක් ලබා දීමටත්, රජය තීරණය කර ඇත. මේ සඳහා රජයට රුපියල් මිලියන 37ක් පමණ වැය වනු ඇතැයි ගණන් බලා ඇත. චන්ද්‍රිකා සේවාව ලබා ගැනීම වෙනුවෙන් අයකරනු ලබන මෙම මාසික මෙහෙයුම් ගාස්තුව පමණක් රජය ලබා දෙන සහන කාලයෙන් පසුව යාත්‍රා හිමියා විසින් දැරිය යුතු බව ද ධීවර දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනු ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya