මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල දිස්ත්‍රික් පරිසර නියමු කඳවුර අද සිට

    ජූලි 03, 2015
    කෑගල්ල දිස්ත්‍රික් පරිසර නියමු කඳවුර අද (03) සිට ආරම්භ වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
     
    පාසල් දරුවන් තුළ පරිසර හිතකමී ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණින් පරිසර නියමු වැඩසටහන දිවයින පුරා තෝරාගත් පාසල් රැසක ක්‍රියාත්මක කෙරේ.
     
    එහි එක් වැඩසටහනක් ලෙස  කෑගල්ල දිස්ත්‍රික් පරිසර නියමු  කඳවුර කෑගල්ල,පරගම්මන, සණස විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි. පරිසර කඳවුර හෙට (04) දිනයේ ද ක්‍රියාත්මක වෙයි.
     
    මෙම කඳවුරට පරිසර නියමු වැඩසටහනේ ඉහළ කුසළතා දැක්වූ පරිසර නියමුවන් 100ක්  සහභගී වීමට නියමිතය.
     
    කඳවුර පැවැත්වෙන දෙදින පුරා පරිසර නියමුවන් වෙනුවෙන් හරවත් කෙටි චිත්‍රපට, දේශන,සංස්කෘතික සංදර්ශන හා ගිනිමැල සංදර්ශන
    මෙන් ම ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා පැවැත්වීමට නියමිත බවද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
     
    මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති,මහාචාර්ය ලල් මර්වින් ධර්මසිරි මහතාගේ සහ අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ, මධ්‍යම පරිසර අධිකාරියේ සබරගමුව පළාත් කර්යාලය විසින් කඳවුර සංවිධානය කරනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya