අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට කාන්තාවන් පිළිබඳ ජාතික දත්ත තොරතුරු පද්ධතියක්

    මැයි 10, 2014

    මෙරට කාන්තාවන් පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් ජාතික දත්ත තොරතුරු පද්ධතියත් සැකසීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගනී.

    “e Women” නමින් නම්කර ඇති මෙම වැඩසටහන යටතේ මෙරට කාන්තාවන් පිළිබඳ පරිපාලන වාර්තා මගින් ලබාගන්නා දත්ත හා තොරතුරු හරහා මෙම නව පද්ධතිය සකස් කෙරේ.

    කාන්තාවන් ආර්ථික හා සමාජයීය වශයෙන් සවිබල ගන්වමින් ඔවුන් විධිමත් ලෙස ජාතික සංවර්ධනයට දායක කරගැනීමේ දී මෙන්ම විවිධ පර්යේෂණ හා විශ්ලේෂණයන් සිදු කිරීමේ දී අවශ්‍ය වැදගත් තොරතුරු ඇතුළත් නිවැරදි දත්ත පද්ධතියක් සැකසීමේ අවශ්‍යතාව හඳුනාගත් මෙම අමාත්‍යාංශය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අංශය සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

    මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සහ එහි සමාරම්භක වැඩසටහන ඊයේ (09) හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
     
    සංගණන හෝ සමීක්ෂණ මගින් පමණක් තොරතුරු ලබාගැනීමේ දී ඇතිවන විවිධ අඩුපාඩු මගහරවා ගැනීම මෙන්ම කාන්තා හිංසන පිළිබඳ තොරතුරු රැස් කිරීමේ දී වඩාත් ප්‍රායෝගික ක්‍රමවේදය වූ පරිපාලන වාර්තා මගින් තොරතුරු ලබාගැනීම මේ සඳහා යොදාගන්නා බව මෙහි දී අනාවරණය  විය.

    තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා මෙරට කාන්තා නියෝජනය ප්‍රමාණවත් නොවන බව ද, ඒ අනුව ඒ තත්ත්වය මගහැරවීම උදෙසා ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

    e Women සංකල්පය යටතේ සිදුකෙරෙන මෙම වැඩසටහන හරහා මෙරට වැන්දඹු හා ගෘහමූලික කාන්තාවන්, ව්‍යවසායක කාන්තාවන්, විවිධ ලෙස හිංසනයට හා අතවරයට පත්වන කාන්තාවන් මෙන්ම සේවා වියුක්ති හා නියුක්ති කාන්තාවන් පිළිබඳ නිවැරදි දත්ත හා තොරතුරු ලබාගැනීමට නියමිතය.


    පසුගිය යුධ සමයේ මෙන්ම ඉන් පසුවත් ඇතැම් දේශීය හා විදේශීය ස්වේච්ඡා සංවිධාන, පුද්ගලයන් විවිධ පටු අරමුණු වෙනුවෙන් මෙරට කාන්තාවන් පිළිබඳ වැරදි දත්ත හා තොරතුරු යොදාගනිමින් අසත්‍ය වාර්තා ඉදිරිපත් කළ බවත්, එම තත්ත්වයන් මගහැරීමට ද මෙම වැඩසටහන ඉවහල් වන බව ද මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.

    දියුණුයැයි කියන ඇතැම් රටවල් තම රටේ කොතරම් ප්‍රශ්න තිබුණත් ඒවා සඟවමින් ශ්‍රී ලංකාව වැනි රටවල ප්‍රශ්න ලෝකයට ඉස්මතු කරමින් අන්තගාමී ලෙස කටයුතු කරන බව ද, අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

    එසේම මෙවැනි දත්ත පද්ධතියක් සැකසීම නිසා අපේ රටේ කාන්තාව වෙනුවෙන් රජයක් ලෙස කළ යුතු ඉදිරි වැඩ කටයුතු පිළිබඳ නිවැරදි නිගමන හා ක්‍රියාමාර්ග වලට එළඹිය හැකි බව ද, කාන්තාවන්ට සහ දරුවන්ට හිංසන සිදුකරන දේශපාලඥයන්, පූජ්‍ය පක්ෂයට හෝ වෙනත් ඕනෑම උසස් තනතුරක් දරණ පුද්ගලයෙකුට වුවද තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද කරල්ලියද්ද මහතා මෙහි දී පැවසීය.

    කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශයේ එරංග ජයලත් ආරච්චි, ICTA ආයතනයේ අධ්‍යක්ෂ වසන්ත දේශප්‍රිය, ජාතික කාන්තා කමිටුවේ සභාපතිනි ආචාර්ය නීලා ගුණසේකර, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එරික් ඉලයප්ආරච්චි යන මහත්ම මහත්මීන් ද මෙහි දී අදහස් දැක්වීය.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවීමට නියමිත ළමා හා කාන්තා සංවර්ධන ඒකක සඳහා මෙහි දී පරිගණක හා අනෙකුත් අවශ්‍ය උපකරණ බෙදාදීම ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

    මෙම අවස්ථාවට මෙම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝකා අලවත්ත මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    HC

    E - WOMEN web

    E - WOMEN web 1

    E - WOMEN web 2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya