අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “නමදිමි සිරිපා - හරිත චාරිකාව” අප්‍රේල් 5 ඇරඹෙයි

    මාර්තු 24, 2014

    ශ්‍රී පාදස්ථානයේ ඓතිහාසික වටිනාකම හා පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කිරීම හා බැතිමතුන් දැනුවත් කිරීමේ අරමුණ ඇතිව ලබන අප්‍රේල් 05 සහ 06 දෙදින තුළ “නමදිමි සිරිපා - හරිත චාරිකාව”වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය මගින් සංවිධානය කරන “නමදිමි සිරිපා - හරිත චාරිකාව” වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එහිදී රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසුවේ සිරිපා පුද බිමේ ඇති පොලිතින් බැහැර කිරීම එක් ආයතනයකට පමණක් කළ හැකි දෙයක් නොව එය අප සැමගේ සාමූහික වගකීමක් බවයි.

    වැඩි දුරටත් අදහස් දැක්වු දිසාපතිවරයා පැවසුවේ රටේ ඇති වී තිබෙන සාමකාමී පරිසරය නිසා දැන් දැන් විශාල වන්දනාකරුවන් පිරිසක් සිරිපා වන්දනාවට එනවා. ඒත් සමඟ විශාල කැළිකසල ප්‍රමාණයක් පරිසර පද්ධතියට එකතු වෙනවා. මෙසේ එකතු වෙන කැළිකසල ඉවත් කිරීම අදාළ සියලු ම ආයතන එක්ව ක්‍රියා කළ යුතුයි. දැනට පවතින ක්‍රමය යාවත්කාලීන කරන්න යැයිද දිසාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

    “නමදිමි සිරිපා- හරිත චාරිකාව” වැඩසටහන සඳහා පරිසර අමාත්‍යංශයේ නිලධාරීන්, ජාතික තරුණ සේවා සභාව, පරිසර නියමු කණ්ඩායම්, අම්පාර, බදුල්ල, මොනරාගල ආදි ප්‍රදේශ හා ආයතනවලින් දහාසකට අධික පිරිසක් පලාබද්දල, කුරුවිට, නල්ලතන්නිය ප්‍රවේශ මාර්ග ඔස්සේ සිරිපා මළුව දක්වා ගමන් කරයි. 600 දෙනෙකු නල්ලතන්නිය මාර්ගයෙන්ද 200ක් කුරුවිට මාර්ගයෙන්ද, තවත් 200ක්පලාබද්දල මාර්ගයෙන්ද ගමන් කිරීමට නියමිතය. ආපසු එන ගමනේදි පිරිසිදු කිරීමේ හා රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇත. මෙම පිරිස පහළට එන ගමනේදී සෑම අයෙකුම 5 Kgක පොලිතින් උරයක් පහළට රැගෙනවිත් ප්‍රාදේශිය සභාවන් වෙත භාර දීමට නියමිතය.

    මෙම සාකච්ඡාවට සහකාර දිස්ත්‍රික් ලේකම්වරිය ඇතුළු අදාළ ආයතන ප්‍රධානීන් විශාල පිරිසක් සහභාගී වූහ.

    ECB/NR/SW/KM_dmu_ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya