අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික කෞතුකාගාර ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීම 2016 දී අවසන්

    අප්‍රේල් 24, 2015
    A musiumජාතික කෞතුකාගාර ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීම, 2016 වසරේ මැදභාගයේ දී  අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ තනූජා කස්තුරිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
     
    වර්ෂ 1877 ජනවාරි මස පළමුවැනි දින මහජනතාවට විවෘත කරන ලද කොළඹ කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ තිබෙන පැරණිතම හා විශාලතම කෞතුකාගාරය වෙයි.
     
    වර්ෂ 1872 දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධූරයට පත් ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි මැතිතුමන්ගේ නොමඳ උත්සාහයේ ප්‍රතිඵලයක්  ලෙස කෞතුකාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම්  ආරම්භ වූයේ 1873 දීය.
     
     වර්ග අඩි 20000 කින් යුත් දෙමහල්  ගොඩනැගිල්ලක් ලෙස 1876 වර්ෂයේ දී එහි වැඩ අවසන් කර ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී සමයේදී මෙරට ගොඩනැගූ ඉතාලි ගෘහ නිර්මාණ සම්ප්‍රදායන් පිළිබිඹු කෙරෙන විශිෂ්ඨතම ගණයේ ගොඩනැගිලි අතුරෙන් මීට විශේෂ ස්ථානයක් හිමිවෙයි.
     
    වසර 140 වඩා පැරණි මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් 2013 වර්ෂයේදී ඉංජිනේරු කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශන කාර්යාංශය මඟින් සිදුකරන ලද භෞතික තත්ත්ව පරික්ෂාවේදී එළිදරව් වූයේ මෙම පෞරාණික ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීම සඳහා කාලය එළඹ ඇති බවයි. 
     
    කෞතුකාගාරය සඳහාම  නිමවුණු වසර 140 පමණ පැරණි පුරාවිද්‍යාත්මක ස්මාරකයක් ලෙස  ප්‍රකාශයට පත් මෙම ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කිරීම සඳහා වර්ෂ 2013 දී ප්‍රතිපාදන වෙන් කරන ලදී.
     
    ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශනය යටතේ ගොඩනැගිල්ල සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී. ශ්‍රී  ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා බලකාය විසින් සංරක්ෂණ කටයුතු සිදු කරයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya