අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරය පිළිබඳ ශ්‍රී ලංකාවේ අවධානය

    අප්‍රේල් 24, 2015
    තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරය ඩොලර් බිලියන 02ක වටිනාකමකින් යුක්ත නමුත් එය ද යාත්‍රා කර්මාන්තය මෙන් ම අවධානයට පත් නොවී පැවැති බව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ල්‍න්කන් ගුවන් සේවය අනුග්‍රහයෙන් පැවැති තල්මසුන් නැර්‍ඹීමේ වැඩමුළුවක දී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති රෙහාන්ත අතුකෝරල මහතා පැවසීය.
     
    යාත්‍රා සංචාරක ව්‍යාපාරය මගින් ශ්‍රී ලංකාවට යාත්‍රා මඟීන් 50,000ක් පමණ සංචාරකයන් ඇඳගන්නා බවත් මේ වන විට SLITO ආයතනය විසින් අවුරුදු දෙකක් ඇතුළත එය මඟීන් 100,000තෙක් ඉහළ නැංවීමට සැලසුම් සකස් කර ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
     
    රාජ්‍ය ආයතන දෙකක් වන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය එක් ව ප්‍රමුඛ බ්‍රිතාන්‍ය  ඡායාරූප ශිල්පියෙකු හා චිත්‍රපට නිෂ්පාදකයෙකු වන ඇන්ඩ්රු සුටොන් ශ්‍රී ලංකාවට නෙගැවිත් ප්‍රායෝගික අභ්‍යාසයක් ද සහිත ව වගකිව යුතු තල්මසුන් නැරඹීමේ වැඩමුළුවක් සංවිධානය කළේය.
     
    සමුද්‍රාසන්න රටවල තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරය ඩොලර් මිලියන දෙකක පමණ වටිනාකමක් පවත්නා අතර දශකයකින් අර්ධයකදී පමණ මෙය දෙගුණයක් බවට පත්ව ඇත. මෙක්සිකෝ ජාතික පරිසර සංචාරක උපදේශකයෙකු වන හෙක්ටර් සෙබුලෝස් පවසන්නේ මැරුණු තල්මසෙකුට වඩා ජීවත් වන තල්මසෙකු සිටීම වඩා හොඳ බවත් එය වගකීමක් සහිත තල්මසුන් නැරඹීමක් වන බවයි. එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ කල්පිටිය ප්‍රදේශයේ එක්සත් රාජධානි කණ්ඩායමක සහාය ඇති ව ඇති කිරීමට උත්සාහ දරන බව සභාපතිවරයා පැවසීය.
     
    ඇන්ඩ්රුගේ අත්දැකීම්වලට අනුව 350ක් පමණ තල්මසුන් සිටින අතර එය 500ක් පමණ තෙක් වැඩිවිය හැකි අතර එය ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ප්‍රධාන ම ගමනාන්ත 10 ඇතුළට අයත්වීමටත් ඩොලර් බිලියන 2ක වටිනාකමක් ලැබීමටත් හැකි තත්ත්වයක් පවත්නා බව අතුකෝරල මහතා පැවසීය.
     
    මේ සඳහා යාත්‍රා ව්‍යාපාරය පිළිබඳ ව මෙන් පෞද්ගලික අංශය හා එක් ව වෙළෙඳ සැලැස්මක් නිර්මාණය කළ යුතු අතර මේ පිළිබඳ ව තොරතුරු නිසි පරිදි ලෝකය වෙත ගෙන යා යුතුය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya