අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකර්ම අමාත්‍ය සහ නව චීන තානාපති අතර හමුවක්

    අප්‍රේල් 24, 2015
    ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍ර සබඳතා වර්ධනය කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමඟ නව චීන තානාපති යී සියෑන් ලියෑන් මහතා සුහද හමුවක් පසුගියදා  බත්තරමුල්ල, ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.
     
    මෙහිදී දෙරට අතර පවතින මිත්‍ර සබඳතා තර කර ගනිමින්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කළේය. චීනය සහ ශ්‍රී ලංකාව අතර තාක්ෂණික වශයෙන් දැනුම හුවමාරු කරගැනීමෙන් කෘෂි ක්ෂේත්‍ර‍ය ඉහළ නැංවීමට ද චීන රජය කැමැත්ත පළ කර සිටියේය.
     
    ලංකාවේ වාර්ෂික පොහොර අවශ්‍යතාව වෙනුවෙන් යූරියා  මෙට්‍රික් ටොන් 3,75 000ක්  පමණ ආනයනය කරනු ලබන්නේ චීනයෙන් වන නිසා  සහන මිලකට එම පොහොර මිලදී ගත හැකි වේ නම් ඉදිරියට වඩාත් සහනදායි මිලට ගොවීන් වෙත පොහොර ලබාදීමට හැකිවනු ඇති බවට අමාත්‍යතුමා මෙහිදී කියා සිටියේය. එහිදී චීන තානාපති යී සියෑන් ලියෑන් මහතා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් චීන රජය දැනුවත් කිරීමෙන් අනතුරුව ඉදිරි කටයුතු පිළිබඳ තීරණ ගත හැකි බවයි.
     
    දෙරට අතර දිගුකාලීන මිත්‍ර සබඳතා වැඩිදියුණු කරගනිමින් ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කිරීමට තම රජය කැමැත්තෙන් සිටින බව මෙහිදී නව චීන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    මෙම අවස්ථාව සඳහා මෙරට චීන තානාපති කාර්යාලයේ දේශපාලන සම්බන්ධතා පිළිබඳ ලේකම් මෙන්ග් බින් මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya