මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සසදද්දී අප රටේ මත්ස්‍ය පරිභෝජනය ඉතාමත් පහළ මට්ටමක

    අප්‍රේල් 24, 2015
    ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සසඳද්දී අප රටේ මත්ස්‍ය පරිභෝජනය ඉතාමත් පහළ මට්ටමක ඇති බවත් නවීන තාක්‍ෂණය යොදවා අද ආසන්න මුහුදේ තියෙන මත්ස්‍ය සම්පත නෙළාගන්නා බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
     
    විදේශ යාත්‍රාවන් විශේෂයෙන්ම ඉන්දියන් ධීවරයන් මේ රටට ඇවිත් විශාල වශයෙන් මුහුදු සම්පත විනාශ කරනවා.‍‍‍‍‍‍‍ ඒ මත්ස්‍ය සම්පත් අරගෙන යනවා. ඉතින් එවන් අවස්ථාවක අපිට මේ මුහුදුකරයේ කටයුතුවලට අපි නිරන්තරයෙන් මැදිහත්වන ගමන් අපිට කිසිම ගැටලුවක් නැතුව කිසිම අභියෝගයක් නැතුව දියුණු කරගන්න පුළුවන් අංශයක් වන්නේ මේ මිරිදිය මත්ස්‍ය සම්පත. ඒ සඳහා රජය විදියට ලබාදෙන්න පුළුවන් උපරිම උදව් ලබාදෙනවා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පැවති උත්සවයට සහභාගී වෙමිනි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය අපේ රටේ අභ්‍යන්තරයේ වගේම මුහුදුකරයේ කටයුතුවලට දායක වෙනවා. ඒ වගේම අභ්‍යන්තර ජලාශ විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි තවම අපට අවශ්‍ය මාළුවලින් යම් ප්‍රමාණයක් අපි රටින් ගේනවා. ඒ වගේම කරවල, උම්බලකඩ, ටින්මාළුවලට විශාල විදේශ විනිමයක් වැය කරනවා. ඉතින් ඒ තත්ත්වය වලක්වගන්න අපි ගත්ත ක්‍රියාමාර්ග ප්‍රමාණවත් කියල මම හිතන්නෙ නෑ. විවිධ උත්සාහයන් දැරුවා. යම් යම් අංශවලින් ප්‍රගතියක් ලැබිල තියෙනවා වගේම තවමත් අපේ ඉලක්කය සම්පූර්ණ කරගන්න බැරි වුණා.
     
    ඒ වගේම ඊට අතිරේකව මම හිතනවා විදේශ ආධාර මෙම මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට යොදා ගන්න පුළුවන්. මෙම කර්මාන්තයෙන් රැකියා බිහිකිරීමත් මත්ස්‍ය පරිභෝජනය වැඩිකරන්නත් පුළුවන් වෙනවා. ඒ සඳහා අමාත්‍යාංශය පූර්ණ දායකත්වය ලබාදෙනවා. ඒ සඳහා ඔබ පෞද්ගලිකව හදන ව්‍යාපෘති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත් සමඟ සාකච්ඡා කරමින් ඉදිරියට ගෙනියන්න සූදානමින් ඉන්නවා.
     
    මිරිදිය මසුන් රසවත්ව පිසීමත් පුරුදු කරන ක්‍රමයක් ඇති කරන්න අවශ්‍යයි. මිරිදිය මත්ස්‍යයන් පරිභෝජනය කරන්නෙ නැතිබැරි අය කියා එදා මතයක් තිබුණා. නමත් එය දැන් වෙනස් වෙලා. යම් ආර්ථික මට්ටමක් තියෙන අය තමයි. වැඩිපුර මේ මසුන් කෑමට පෙළඹිලා තිබෙනවා.මෙවැනි කරුණු පිළිබඳවත් කණ්ඩායමක් අධ්‍යයනය කරලා කටයුතු කළොත් ඒ ප්‍රදේශවල අයට යම් දැනීමක් ලබාදුන්නොත් මිරිදිය මසුන් ආහාරයට ගැනීම ප්‍රචලිත කරගන්න පුළුවන්. අලෙවිය පිළිබඳව ගැටලුවක් ඇතිවන්නේ නැතැයි" පැවසීය.
     
    ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිමල් හෙට්ටිආරච්චි මහතා, ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya