මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිසාපති දෙවැනි සමුළුව ඇරඹේ

    අප්‍රේල් 24, 2015
    නව රජය යටතේ දෙවැනි දිසාපති සමුළුව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේ ඊයේ (23) ආරම්භ වූ අතර අද (24) දිනයේද පැවැත් වේ.
     
    ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්.ඩී.ඒ.බී බොරලැස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා සියලු දිස්ත්‍රික් නියෝජනය කරමින් දිස්ත්‍රික් ලේකම්වරු මීට සහභාගී වී සිටිති. 
     
    රජයේ දින සියයේ වැඩපිළිවෙළ හා සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණ. 
     
    රජය මේ වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වන සියලු සංවර්ධන ව්‍යාපෘති සඳහා දිස්ත්‍රික් ලේකම්වරුනේගේ අතර රැදි බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් රුපියල් බිලියන 08 ක් මුදා හැර තිබේ. ඒවායෙහි ගෙවීම් කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ප්‍රගතිය විමසීය. දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති හා ගිවිසුම් කාලය අලුත් කළ යුතු ව්‍යාපෘති සම්බන්ධයෙන් ද විමසූ අමාත්‍යවරයා ඊට අදාළ ඉදිරි කටයුතු සඳහා උපදෙස් ලබා දුන්නේය.
     
    අද දින ද අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මෙම දිසාපති සමුළුවට එක්වීමට නියමිත අතර එහිදී තම අමාත්‍යංශ විෂය පථයන්ට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. 
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya