මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව පුහුණු ග්‍රාම නිලධාරීන් 119 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

    අප්‍රේල් 24, 2015
    ආසන්නතම ග්‍රාම සේවා නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයේ දී ලැබූ ලකුණු අනුපිළිවෙළි අනුව සිව්වන අදියර යටතේ පුහුණු ග්‍රාම නිලධාරීහු 119 දෙනෙකු පුහුණු පත්වීම් ලිපි ප්‍රදානය පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණ.
     
     මෙහිදී පත්වීම් ලැබූ පුහුණු ග්‍රාම නිලධාරීන් තුන් මසක විධිමත් පුහුණුවකට ලක් කිරීමට නියමිත අතර දිවයිනේ දැනට ග්‍රාම සේවා පුරප්පාඩු පවතින ප්‍රදේශයන් හි වෙසෙන අදාළ විභාගයේ දී ඉහළම ලකුණු ලැබූ අනුපිළිවෙළි අනුව මෙම පිරිස පත්වීම් ලැබීමට සුදුසුකම් ලැබූහ. 
     
    ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා නියෝජනය කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරා මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්.ඩී.ඒ.බී.බොරලැස්ස මහතා ඇතුළු අමාත්‍යංශයේ උසස් නිලධාරීහූ රැසක් ද මෙම අවස්ථාවට එක්වූහ. 
     
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya