අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නාට්‍ය වැඩමුළුවක්

    අප්‍රේල් 24, 2015

    බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මකව පවතින වැඩිහිටි බලමණ්ඩලවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නාට්‍ය වැඩමුළු මාලාවේ පළමු වැඩමුළුව හෙට (25) සහ අනිද්දා (26) දෙදින තුළ තලාහේන ප්‍රජා අධ්‍යයන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

     

    වැඩමුළු තුනකින් සමන්විත මෙහි මෙම පළමු අදියර සඳහා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මකව පවතින වැඩිහිටි බලමණ්ඩලවලින් තෝරාගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 400කට ආසන්න පිරිසක් සහභාගීත්වයෙන් විවිධ කුසලතා භාවිතයට ගත හැකි අයුරින් සුවිශේෂී වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.

     

    බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා බී. එච්. සී. ශිරෝමාලි මහත්මියගේ උපදේශකත්වය යටතේ බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මෙම සමාජ වැඩසටහන සංවිධානය කෙරේ.

     

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දායක කර ගනිමින් නිර්මාණය කරනු ලබන වේදිකා නාට්‍ය රචනය හා අධ්‍යක්ෂණය කිරීම හා මෙම වැඩමුළුව මෙහෙයවීම ප්‍රවීණ නාට්‍යවේදී සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨාධිපති මංගල සේනානායක මහතා විසින් සිදු කරනු ලැබේ. සහය අධ්‍යක්ෂණයෙන් යසන්ත නිරෝෂණ මහතා දායක වනු ඇත.

     

    වැඩිහිටි ප්‍රජාවගේ විවිධ නිර්මාණ කුසලතා හඳුනා ගැනීමත් එම කුසලතා වර්ගීකරණයකට ලක් කොට සුවිශේෂී නිර්මාණ කාර්යයන් සඳහා දායක කර ගැනීමත් එම නිර්මාණ ප්‍රදර්ශනය කිරීම තුළින් ප්‍රජාව තුළ සහකම්පනය ඇති කිරීමත් මෙහි මූලික පරමාර්ථය වේ.

     

    දකුණු ආසියානු කලාපය තුළ කලාපය තුළ ඉතා ‍වේගයෙන්ම වයස් ගතවන ජනගහනයක් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනා ගෙන ඇත. වයස්ගත ජනගහනය වැඩිවීමේ මෙම ප්‍රවණතාව සමාජයේ විවිධ අංශ කෙරේ මෙන්ම එම ප්‍රජාව කෙරේද විවිධ ආකාරයේ ගැටලු නිර්මාණය වීමට හේතුවේ. මෙම තත්වයන් නිවැරදිව අධ්‍යයනය කොට නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම සෑම ක්ෂේත්‍රයකම වගකීමක් ලෙස සැලකිය යුතුය. මේ සඳහා එක් ප්‍රවේශයක් ලෙස බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් කාලීන වැදගත්කමක් සහිත මෙම වැඩසටහන සැලසුම් කර තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya