අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතීන් අතර සංහිඳියාව තහවුරු කරමින් යාපනයේ අවුරුදු උත්සවයක්

    අප්‍රේල් 22, 2015
    රටේ ජීවත්වන ජාතින් අතර සංහිඳියාව තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් යුතුව යාපන ප්‍රදේශයේ සිටින 55 සේනාංක මූලස්ථානය විසින් පසුගියදා කඩ්ඩායිකාඩු ක්‍රීඩාංගණයේ දී සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයක් පවත්වනු ලැබීය. මෙම උත්සවයේ දී උතුර හා දකුණ ප්‍රදේශයන්හි ඇති පාරම්පරික ජන ක්‍රීඩා විශාල ප්‍රමාණයක් පැවැත්වීමට සුදානම් කර තිබුණි.
     
    මෙම අවුරුදු උත්සවය සඳහා පැමිණි විවිධ වයස් කාණ්ඩවල ප්‍රදේශවාසීන් හා උතුරේ සේවයේ නියුතු හමුදා භට පිරිස් මෙම ජන ක්‍රීඩාවලට ඉතා උනන්දුවෙන් යුතුව සහභාගී වූ අතර 55 වැනි සේනාංකය විසින් මෙම තරගවලින් ජයග්‍රහණය කරන ලද අයවලුන්ට වටිනා ත්‍යාගයන් සූදානම් කර තිබිණි. මෙම උත්සවය සංවිධානය කිරීම සඳහා 55 සේනාංකයට අයත් සියලු ම බලසේනා හා බලැඇණිවල සහයෝගය ද ලැබි තිබිණ.
     
    මේ අතර 512 බලසේනාවට අයත් බලඈනි විසින් ද ඒ ඒ ප්‍රදේශවලදී එකී ප්‍රදේශවල සිවිල් ජනතාව සමග එක්වී මෙම සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සමරණු ලැබීය.
     
    එසේම යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ද යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතාගේ උපදෙස් මත කන්කසන්තුරේ දී මෙම උත්සව සමයේ සිය නිවෙස්වලින් බැහැරව උතුරු ප්‍රදේශයේ හමුදා කදවුරුවල සේවය කරන හමුදා භට පිරිස් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවයක් පවත්වනු ලැබීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya