අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවසාය 2015 අළෙවි ප්‍රදර්ශනයට නුවරඑළියෙන් ව්‍යවසායකයින් 9 ක්

    මාර්තු 26, 2015

    ව්‍යවසාය 2015 අළෙවි ප්‍රදර්ශනය වෙනුවෙන් නුවරඑළියේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ව්‍යවසායකයින් 9 දෙනෙකු මෙවර සහභාගී වීමට නියමිතය. රටපුරා තෝරාගත් ව්‍යවසායකයින්ගේ නිර්මාණ සහ නිෂ්පාදන වලින් සැදුම්ලත් මෙම ප්‍රදර්ශනය මාර්තු මස 27, 28 සහ 29 යන තෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.

    ස්ට්‍රෝබෙරි ආශ්‍රිත නිශ්පාදන, එල් ඊ ඩී බල්බ, ඇගළුම් නිෂ්පාදන සහ කුළු බඩු නිශ්පාදන ආදී ස්වයං නිෂ්පාදන රැසක් මෙම ව්‍යවසායකයන් අතර ප්‍රමුඛ වේ. නුවරඑළිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ව්‍යවසායන්ට අදාළ දැනුම සහ මගපෙන්වීම නිරන්තරයෙන් ලබා දෙන අතර වතු කරය ආශ්‍රිතව දිවිගෙවනු ලබන පවුල් ඉලක්ක කර ගැනීමද කැපී පෙනේ.

     

    වසර කිහිපයක සිටම මෙම ජාතික ප්‍රදර්ශනය වෙනුවෙන් ව්‍යවසායකයින් බොහෝ දෙනෙකු ජාතික තලයට හඳුන්වා දීමට මොවුන්ට හැකි වූ අතර 2016 වර්ෂය සඳහා නව ව්‍යවසායකයින් 10 දෙනෙකු හඳුන්වා දීම නුවරඑළිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මුලිකම අරමුණයි.
    MAP/SH_dmu_n'eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya