අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් ව්‍යවසායකයන්ට අත්වැලක්

    මාර්තු 26, 2015

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් මේ දිනවල පැවැත් වේ. “ව්‍යාපාරයට මග” මැයෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන දින 100 ඇතුළත හඳුනාගත් විශේෂ වැඩසටහනකි.

    ව්‍යාපාරයන් සිදුකරනු ලබන සහ නව ව්‍යාපාරයන්ට ප්‍රවිශ්ට වීමට වෙර දරන නව ව්‍යවසායකයින් ගේ කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීම මෙහි මූලිකම අරමුණයි. තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

    ව්‍යවසායකයින් 30කට ආසන්න පිරිසක් මේ සඳහා සම්බන්ධ වී සිටින අතර වැඩමුළුව අවසානයේ සහතියක්ද පිරිනැමීමට කටයුතු සම්පාදනය කොට තිබේ.

    මෙම දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනට සමගාමීව පැවැත්වුණු ජංගම වැඩසටහනක් මාර්තු මස ආරම්භයේ දී හැටන් නගරය ආශ්‍රිතව පැවැත්විණි. ද්වී භාෂාවෙන් මෙම වැඩසටහන පැවති අතර අත් පත්‍රිකා සහ ජංගම කෙටි දැනුවත් කිරීමේ ක්‍රම ඔස්සේ නව ව්‍යවසායකයින් රැසක් හඳුනා ගැනීමට අවස්ථාව ලැබිණි.

    MAP/SH_dmu_n'eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya