අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යෝජිත භෞමික රූපවාහිනී විකාශ ඩිජිටල් කරන ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

    මාර්තු 26, 2015
    මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපන් රජයේ අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශයේ ප‍්‍රතිපත්ති සම්බන්ධීකරණ උප අමාත්‍ය යෂී ඕ සකමොටෝ මහතා (Hon. Yasuo Sakamoto - Vice Minister for Policy Coordination Ministry of Internal Affairs and Communication) ඊයේ (25) පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයේ දී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමු වී සාකච්ඡා පැවැත්විණි.
     
    ​​ජපන් ණය ආධාර යටතේ ආරම්භ කිරීමට යෝජිත භෞමික රූපවාහිනී විකාශ ඩිජිටල් කරන ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ විය.
     
    භෞමික රූපවාහිනී විකාශ ඩිජිටල් කරන ව්‍යාපෘතිය පසුගිය රජය අත්සන් කළ ණය ගිවිසුමකි. 
     
    මෙම සාකච්ඡාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ(JICA) නියෝජිතවරු සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya