අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඩෙංගු මර්දන සතිය අද සිට ලබන 01 දක්වා

    මාර්තු 26, 2015
    "ජීවිතයට නව නැම්මක් - ඩෙංගුවලට තිතක්" යන්න තේමා කර ගනිමින් ජාතික ඩෙංගු මර්දන සතියක් අද (26) සිට ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
     
    එය ලබන අපේ‍්‍රල් 01දා දක්වා දීපව්‍යාප්තව කි‍්‍රයාත්මක කෙරෙනු ඇත. ඩෙංගු මර්දන සතිය තුළ දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල වැඩි අවදානම් කලාපවල ගෙයින් ගෙට ගොස් මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කර බලා ඒවා එසැණින්ම විනාශ කර දැමීමට කටයුතු කරනු ඇත. මෙයට සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රමුඛ ජනාධිපති කාර්ය සාධක බලකායේ සියලු ම නිලධාරීන් සහභාගි වනු ඇත.
     
    මෙවර පරීක්ෂා කිරීම් සඳහා කණ්ඩායම් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් යොදවා තිබේ. මදුරුවන් බෝ විය හැකි පරිශ‍්‍ර මිලියනයක් පමණ පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බැවින් අදාළ පරීක්ෂක කණ්ඩායම්වලට සහය ලබා දෙන ලෙස  ජනතාවගෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya