මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසල් රත්නපුර ජල යෝජනා ක්‍රමය නියෝජ්‍ය ඇමැතිගේ නිරීක්ෂණයට

    මාර්තු 26, 2015
    රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ආරම්භ කොට ඇති විසල් රත්නපුර ජල යෝජනා ක්‍රමයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා ඊයේ (25) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
     
    එහිදී මෙම ජල යෝජනා ක්‍රමයේ වැඩකටයුතු කඩිනම් කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුනි.
     
    රත්නපුර නගරාසන්නනයෙන් ගලාබසින කළු ගඟෙහි ජලය සපයාගනිමින් ක්‍රියාත්මක කරන මෙම විසල් ජලසම්පාදන ව්‍යාපෘතිය හරහා පුදගලයන් 140,000කට පමණ සෙත සැලසේ. අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ස්පාඤ්ඤ රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ 80,000ක් වන ජනතාවට පළමු අදියරින් ද, දෙවන අදියර මගින් 60,000කට ද සෙත සලසනු ලැබේ.
     
    රත්නපුර දිස්ත්‍රික්කයේ 12%ක් තරම් සුළු පිරිසක් වෙත පමණක් මෙතෙක් පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට සිදු ව ඇත්තේ පැවැති රජයන් නිසි පරිදි කළු ගඟේ ජලය ප්‍ර යෝජනයට ගෙන නොමැති නිසා බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා එය ඉතා කණගාටුවට කරුණක් බවත් පෙන්වා දුන්නේය.
     
    නවීන තාක්ෂණ ක්‍රමවේදයන් උපයෝගි කරගනිමින් ජල පිරිපහදු කටයුතු පවා සිදු කරන මෙම ස්ථානයේ ඉංජිනේරුමය දායකත්වයක් ලබාදෙන්නේ දේශීය ඉංජිනේරුවන් විසින් වීමද මෙහි විශේෂත්වයකි.
     
    ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (දකුණ නැගෙනහිර) එස්.ජේ.එස්. ජයසිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya