මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'ගැබිනි මවට උත්තම පූජා' මාතලේ වැඩසටහන අරම්භ වේ

    මාර්තු 25, 2015

    ජනාධිපතිවරණයේදි දුන් පොරොන්දු අනුව රජයේ දින 100 වැඩපිළිවෙල මේ වන විට සියයට 60ක ප්‍රමාණයක් දැනටමත් අවසන් කර ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසිය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පසුගියදා පැවැත්වුණු “ගැබිනි මවට උත්තම පුජා” මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන උත්සවයට සහභාගි වෙමිනි.

     

    වැඩිදුරටත් අදහස් දැක්වු අලුවිහාරේ මහතා මෙසේද පැවසිය.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වත්මන් රජය යටතේ දැවැන්ත වැඩ කොටසක් සිදු කරනවා. ඒ අනුව මේ වන විට දුන් පොරොන්දු එකින් එක ඉටු කරමින් සිටිනවා. ඇතැම් විට විපක්ෂය විසින් මෙය කඩාකප්පල් කිරිමේ උත්සහයකද යෙදි සිටිනවා. අනාගතයේ මේ රට බාර ගන්න ඉන්න දරුවන් හට හොඳ රටක් නිර්මාණය කිරිමට හැම විටම වත්මන් රජය උත්සහ දරමින් කටයුතු කරනවා. මේ දින සියයේ වැඩපිළිවෙල අනුව අය වැය ඉදිරිපත් කළේ මේ වසර පුරාවටම කටයුතු කිරිමටයි. එය ජනතාව තේරුම් ගත යුතුයි .

     

    ඉදිරියේදි 19 වෙනි සංශෝධනය පාර්ලිමෙන්තුවේදි සම්මත වුවායින් පසුව ස්වාධින කොමිෂන් සභා සම්මත වෙනවා. එවිට ස්වාධිනව රාජ්‍ය සේවකයින්ට වැඩ කරන්න පුළුවන්.

     

    පසුගිය රජයේ මැති ඇමතිවරුන් විශාල ප්‍රමාණයක් සිටියා. වර්තමානයේදි එය 30 දක්වා අඩු වි තිබෙනවා .ඒ මුදල් ඉතිරි කිරිම් වලින් ජනතාවට යම් සහන ලබා දිමට කටයුතු කරමින් තිබෙනවා. මේ ලබා දෙන සහන සියලු දේ ලබා දෙන්නේ ඒ වැඩ කොටස් අනුවයි. ඒ නිසා අපි යම් කිසි ඉලක්කයක් අරමුණික් ඇතිව වැඩ කළ යුතුයි. අද වන වි‍ට ඉපදෙන දරුවන්ගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. ගැබිනි මව්වරුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් සකස් කර ගැනිමට නොහැකිව තිබුණා .නමුත් ඒ සියලු දේ සිතා බලා විශේෂඥවරුන්ගේ අදහස් අනුව මේ ව්‍යපෘතිය සිදු කිරිමට ළමා කටයුතු අමාත්‍යංශය කටයුතු කළා. මව් පදවිය උතුම් කොට අප සලකන්න ඕන. වර්තමානයේදි ඇතැම් විට අපිට අහන්න දකින්න ලැබෙන විවිධ කාරණා දිහා බැලුවාම කණගාටුවක් ඇති වෙනවා. මේ ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් වැය වෙනවා. මේ සියල්ල සිදු කරන්නේ රටේ යහපත උදෙසා බවද අලුවිහාරේ මහතා පැවසිය.

     

    මෙම අවස්ථාවට මාතලේ අතිරේක දිසාපති තේජානි තිලකරත්න, මාතලේ ප්‍රාදේශිය ලේකම් කේ.පි.එල් මධුවන්ති, මාතලේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රසික කොඩිතුවක්කු යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

    MAP/dmu_matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya