අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති අද මොරගහකන්ද නිරික්ෂණ චාරිකාවක

    ජනවාරි 26, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) මොරගහකන්ද බහුකාර්ය වාරිමාර්ග ව්‍යාපෘතියෙහි වැඩ කටයුතු සොයාබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත වනු ඇත. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස සිටින අවධියේ මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කරන ලදී.
     
    ඇමරිකානු ඩොලර් මිලියන 382ක වියදමින් සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුරය, ත්‍රීකුණාමලය සහ මාතලේ යන දිස්ත්‍රික්කයන් හි ජනතාවගේ පානීය ජල පහසුකම් සඳහා සම්පූර්ණ විසඳුමක් ලබාදීමට හැකියාව ලැබෙන අතර ම මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වූ විට ජාතික ජල විදුලිබල පද්ධතියට මෙමගින් මෙගා වොට් 25ක විදුලි ධාරිතාවයක් එක් කෙරෙනු ඇත. 
     
    මීට අමතර ව මෙම ව්‍යාපෘතිය මගින් වර්ෂා කාලයේ දී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පහත් බිම් ආශ්‍රිත ව ඇතිවන ගංවතුර තත්ත්වයන් බොහෝ දුරට පාලනය වනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya