අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවක මන්ත්‍රීවරුන්ට මේ උත්තරීතර සභාවේ කටට එන ඕනෑම දෙයක් කිව නොහැකියි

    මාර්තු 21, 2014

    මහළු මඩම් සේ මහල්ලන් නඩත්තු කිරීම සඳහා ජ්‍යේෂ්ඨ අමාත්‍යාංශ යොදා ගෙන ඇති බවට එජාපයේ අජිත් පී. පෙරේරා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ මේ උත්තරීතර සභාවේ කටට එන ඕනෑම දෙයක් කිව නොහැකි බව වටහා ගෙන ශිෂ්ඨ සම්පන්න ලෙස සභාව අමතන ලෙසයි.

    ඔබ නවක මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ආවා කියා කටට එන ඕනෑම දෙයක් කියන්න පුළුවන් කියා සිතන්න එපා. කිසිම දේශපාලකයකු විශ්‍රාම යන්නේ නැහැ. බ්‍රිතාන්‍යයේ චර්චිල් වැනි අයගෙන් ඉන්දියාවේ දේශපාලන නායකයින් උදාහරණයට ගන්න යැයි අවවාද කළ ගුණවර්ධන මහතා සභාව නැරඹීමට එන පාසල් දරුවන් සිටින බවත් ශිෂ්ඨ සම්පන්නව සදාචාරාත්මක ලෙස කතාකරන ලෙසත් ඉතා දැඩිව අවධාරණය කළේය.

    ජ්‍යේෂ්ඨ ඇමතිවරුන් කිසිවකු මහල්ලන් නොවේ. ඔවුන් රට වෙනුවෙන් රටේ සංවර්ධනයට අමාත්‍යංශවලට උපදෙස් දෙමින් විශාල මෙහෙවරක් කරන දේශපාලනඥයින් ගුණවර්ධන මහතා පැවසීය.

    ජාතික සම්පත් අමාත්‍යතුමාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂයේ අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා අසා තිබූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසුවේ එම නමින් වෙනම අමාත්‍යංශයක් නොමැති නිසා ඒ සඳහා අනුමත කළ කාර්යමණ්ඩලයක් නොමැති බවයි.

    ජාතික සම්පත් පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙක් සහ ඒ අමාත්‍යවරයා වෙනුවෙන් කාර්යමණ්ඩලයක් ඇති බවත් ඔවුන් වෙනුවෙන් 2011 දී මිලියන 27ක් ද 2012 දී මිලියන 34ක් ද 2013 දී මිලියන 31 ද වැය කර ඇතැයි ගුණවර්ධන මහතා පිළිතුරු දීමෙන් පසු අතුරු ප්‍රශ්න අසමින් මේ මහළු මඩම්වල සිටින ජ්‍යේෂ්ඨ ඇමැතිවරුන් නඩත්තු කිරීමට රටේ මහජනතාවගේ බදුමුදල් යොදා ගැනීම සාධාරණදැයි අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමෙන් පසු ගුණවර්ධන මහතා ඉහත අදහස් පළ කළේය.

    මේ අමාත්‍ය මණ්ඩල හදන්නේ ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව අනුව බව පෙන්වා දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා රනිල් වික්‍රමසිංහ මහතා දෙසට අත දිගු කරමින් ඔබතුමා විශ්‍රාම යවන්නට හදන අය කරන මේ ප්‍රකාශ ගැන කණගාටුව පළ කරන බව කීය.

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya