අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චිලී නව ජනාධිපතිනියට ජනපති සුබපැතුම්

    මාර්තු 22, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා චිලී රාජ්‍යයේ නව ජනාධිපතිනී මිෂෙල් වැතලේත් (Michelle Bachelet) මැතිනිය වෙත සුබපැතුම් පණිවිඩයක් යවා තිබේ.

    පසුගිය වසරේ දෙසැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් වැතලේත් මැතිනිය පසුගිය සතියේ සිය ධූරයේ දිව්රුම් දුන්නාය.

    “ඔබතුමිය දෙවැනි වරටත් ජනාධිපති ධූරයට පත්වීම චිලී ජනතාව ඔබතුමිය කෙරෙහි දක්වන පිළිගැනීම හා විශ්වාසය පිළිබඳ ප‍්‍රකාශනයක්. චිලී දේශය ඔබතුමියගේ නායකත්වය යටතේ ඉහළ වර්ධනයක් සහ සමෘද්ධියක් සහිත තවත් යුගයකට පිවිසෙනු ඇති බව මට විශ්වාසයි”, ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සිය පණිවිඩයේ සඳහන් කරයි.

    දෙරට අතර පවත්නා සමීප හා සුහද සබඳතා ගැන සිහිපත් කරන ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, චිලී නව ජනාධිපතිනියගේ ධුර කාලය තුළ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අභිලාෂය පළ කර සිටී.

    වැතලේත් මැතිනිය චිලී රාජ්‍යයේ ජනාධිපති ධූරයට පත්ව සිටිනුයේ දෙවැනි වරට ය. එතුමියගේ ප‍්‍රථම ධුර කාලය 2006 සිට 2010 දක්වා විය.

    HC/IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya