අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කල්මුණේ හින්දු කෝවිල් දෙකකින් ආශිර්වාද ලබාගනී

    දෙසැම්බර් 20, 2014
    අම්පාරේ සංචාරයක නිරත වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (20) පෙරවරුවේ කල්මුණේ පදිරිප්පු තිරෝපදෙයි අම්මාන් කෝවිල වෙත හා ශ්‍රී තරවයි පුල්ලෙයාර් කෝවිල වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේය.
     
    කල්මුණේ පදිරිප්පු කෝවිලේ දී පූජක සිවරත්නම් පූජකතුමා විසින් ආගමික වතාවත් මෙහෙයවා ජනාධිපතිතුමා වත ආශිර්වාද පළ කරනු ලැබීය.
     
    පුල්ලෙයාර් කෝවිලේ දී පූජක වරදේශ්වරන් සිවමානියා පූජකතුමා ද විශේෂ පූජාවක් පවත්වා ආශිර්වාද පළ කළේය.
     
    එම ස්ථාන වෙත පැමිණ සිටි ජනතාව සමඟ ද සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ සුවදුක් විමසීය.
     
    තමන්ට නිදහසේ තම ආගමික කටයුතුවල නිරතවීමට නිදහස් පරිසරයක් ගොඩනඟා දුන් ජනපතිට ඔවුහු මෙහිදී තම ස්තූතිය පුද කර සිටියහ.
     
    02
     
    03
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya