අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාද්දූව, පොහද්දරමුල්ල මහීගර්ජනාරාම පුරාණ ශ්‍රී මහා විහාරයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ

    මාර්තු 23, 2014

    වාද්දූව, පොහද්දරමුල්ල මහීගර්ජනාරාම පුරාණ ශ්‍රී මහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද 44 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (22) පස්වරුවේ සිදු කෙරිණි.

    වසර 700කට පමණ ඉතිහාසයකට උරුමකම් කියන මේ විහාරස්ථානය පෞරාණික වටිනාකම් රැසකින් සමන්විත වේ.

    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරමින් ප්‍රථම මල් පූජාව ද සිදු කළේය.

    විහාරාධිපති කළුතර පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය පොහද්දරමුල්ලේ ශාන්තාලෝක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන් වහන්සේගේ සුවදුක් විමසා සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක භාෂාත්තර විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමිපාණන් වහන්සේට සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

    අමරපුර මූලවංශික මහා නිකායේ ශාස්ත්‍රවේදී පූජ්‍ය කොස්ගොඩ සරණංකර තිස්ස මහා නායක හිමිපාණන් වහන්සේ, විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කිරම ආනන්ද හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya