මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීළඟ ජනපතිවරණයට සාක් රාජ්‍ය නායකයින්ගෙන් ජනපතිට උණුසුම් සුබ පැතුම්

    නොවැම්බර් 27, 2014

    ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නැවත තේරී පත්වීමට සාක් රාජ්‍ය නායකයින්ගෙන් උණුසුම්  සුබ පැතුම්, ඔහුගේ ජයග්‍රහණය පිළිබඳ ඔවුන් දැඩි විශ්වාසය පළ කරති.


    දහඅට වන සාක් සමුළුවට පරිබාහිර ව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවන්හි දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූ බොහෝ රාජ්‍ය නායකයන්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී එතුමා නැවත තේරී පත්වීම සඳහා සුබ පැතූ අතර එතුමාගේ ජයග්‍රහණය පිළිබඳ දැඩි විශ්වාසය පළ කළහ.

    ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී මාල දිවයින් ජනාධිපති යමීන් අබ්දුල් ගයූම් (Yameen Abdul Gayoom) මැතිතුමා, "මැතිවරණය කැඳවීම පිළිබඳ ශුභාශිංසන. අපගේ හෘදයාංගම බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනාව පෙර අවස්ථාවල දී මෙන් ම විජයග්‍රහණයක් තුළින් ඔබ නැවත තේරී පත්වීමයි. මෙය කිසිසේත් ම ඔබට අපහසු කර්තව්‍යයක් විය නො හැකියි" යනුවෙන් පැවසුවේය.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී (Narendra Modi) මැතිතුමා දහඅටවන සමුළුව විවෘත කරමින් රාජ්‍ය නායකයන් ඉදිරියේ කළ සිය දේශනයේ දී "ජනාධිපති රාජපක්ෂ ළඟදීම එකකට යනු ඇත (නැවත තේරී පත්වීම), මම ඔහුට සුබ පතනවා" යැයි අවධාරණය කළේය.

    "ඔබට මාගේ සුබ පැතුම් අවශ්‍ය වන්නේ නැහැ නමුත් මම ඔබට සුබ පතනවා," යැයි සාක් සමුළුව අතරවාරයේ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී භූතාන අග්‍රාමාත්‍ය ල්යොන්චෙන් සෙරිං තොබ්ගයි (Lyonchhen Tshering Tobgay) පැවසීය. "ඔබ දිනන බව මා දන්නවා."

    ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නේපාල අග්‍රාමාතය සුෂිල් කොයිරාල (Sushil Koirala) සමඟ සාකච්ඡා පැවත්වූ අවස්ථාවේ, එම හමුවට එක් වී සිටි හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය සුජාතා කොයිරාල මෙනවිය (Sujata Koirala) "අපි ඔබව නැවත ජනාධිපති ලෙස දකීවී" යනුවෙන් පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya