අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා කත්මන්ඩු නුවර දී ඇෆ්ගනිස්ථාන, භූතාන, මාල දිවයින් සහ නේපාල රාජ්‍ය නායකයින් හමුවෙයි

    නොවැම්බර් 27, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කත්මන්ඩු නුවර සිටි කාලය තුළ සාක් රටවල් කිහිපයක නායකයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. මෙම නායකයින් අතර ඇෆ්ගනිස්ථාන ජනාධිපති‍ මොහම්මද් අෂ්රෆ් ඝානි (Mohammad Ashraf Ghani), භූතාන අග්‍රාමාත්‍ය ලියොන්චෙන් ත්ෂෙරිං ටොබ්ගේ (Lyonchhen Tshering Tobgay), මාලදිවයින ජනාධිපති යමීන් අබ්දුල් ගයූම් (Yameen Abdul Gayoom) සහ නේපාල අග්‍රාමාත්‍ය සුෂිල් කොයිරාල (Sushil Koirala) වූහ.

    මෙම හමුවීම් පැවැත්වුණේ නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වුණු දහඅටවන සාක් සමුළුවට පරිබාහිර ව ය.

     

    ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති හමුව ප්‍රධාන ලෙස අවධානය යොමු කරන ලද්දේ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වෙතය. ශ්‍රී ලංකාව එම ක්ෂේත්‍ර තුළ ලබා ඇති ප්‍රගතිය අගය කළ ජනාධිපති ඝානි, ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගෙන් එම ක්ෂේත්‍ර සඳහා සහය ඉල්ලා සිටියේය.

     

    “ශ්‍රී ලංකාවෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහොමයි,” ඔහු පැවසීය. “ඔබගේ සමාජ ප්‍රතිපත්තිය පිළිබඳ මා ඔබට සුබ පැතිය යුතුයි. සෞඛ්‍ය සහ අධ්‍යාපන තුළ ඔබ සිදු කර ඇති දේ අද්විතීයයි. දකුණු ආසියාවේ හොඳ ම මානව සංවර්ධන දර්ශක ශ්‍රී ලංකාවේ, එය ඔබගේ නායකත්වයට ගෞරවයක්.”

     

    “මට ඔබට පැය ගණනක් කතා කළ හැකියි,” නායකයන් දෙදෙනා අතර පැවති දීර්ඝ, සුහද කතාබහ නිලධාරීන්ට අවසන් කිරීමට සිදු වූ අවස්ථාවේ ජනාධිපතිතුමාට, ජනාධිපති ඝානි පැවසීය. අවසන් කිරීමට පෙර, 2015 ජාතික අය-වැය සම්මත වීම පිළිබඳ ජනාධිපති ඝානි ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට තම ශුභාශිංසන පිරිනැමුවේ ය.

     

    භූතාන අග්‍රාමාත්‍ය ලියොන්චෙන් ත්ෂෙරිං ටොබ්ගේ මැතිතුමා ද සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ සහය ඉල්ලා සිටි අතර භූතාන සිසුන් පිළිගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත විය.

     

    “ඔබගේ රජය සහ ජනතාව භූතාන සිසුන් බොහොමයකට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දීම පිළිබඳ (මම) ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වනවා” යැයි පැවසූ ටොබ්ගේ අග්‍රාමාත්‍යවරයා, පැවති යහපත් සබඳතා තවත් යහපත් අතට පත් කර ගැනීමට ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මේ භූතාන සංචාරය උපකාරී වූ බව ද පෙන්වා දුන්නේ ය.

     

    “ශ්‍රී ලංකාව සමඟ ඇති මිත්‍රත්වය ඉතා වැදගත්,” ඔහු පැවසීය. “අප දෙරට අතර සබඳතා ශක්තිමත් වනවා‍ සේ ම වර්ධනය වෙමින් පවතිනවා.”

     

    ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හා මාල දිවයින් සහ නේපාල රාජ්‍ය නායකයින් අතර පැවති හමුවීම් ආර්ථික සබඳතා සහ සංචාරක කර්මාන්තය පිළිබඳ කේන්ද්‍රගතවී තිබුණි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ජයග්‍රහණ වර්ණනා කළ නායකයන් දෙපළ, ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා ස්ථාවරත්වයේ ඇති වැදගත්කම පෙන්වා දුන්නේය.

     

    “රටක් දියුණු කරන්නට, ස්ථාවර රජයක් තිබීම අත්‍යවශ්‍ය වේ” මාලදිවයින ජනාධිපති ගයූම් පැවසීය.

     

    සංවර්ධනය සඳහා, “සාමය හා ස්ථාවරත්වය හැර වෙන මඟක් නැහැ,” නේපාල අග්‍රාමාත්‍ය කොයිරාල ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට පැවසීය.

     

    ජනාධිපති රාජපක්ෂ මැතිතුමා, නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ සුවිශේෂී බෞද්ධ වටිනාකමකින් යුතු ස්ථාන ඇති නිසා, ආගමික වටිනාකමක් ඇති ස්ථාන යා කරමින් දෙරට අතර සංචාරක කර්මාන්තය වැඩිදියුණු කළ යුතු ආකාරය පිළිබඳ නේපාලය සමඟ සාකච්ඡා කළේය. ඉතා ඉක්මනින් ආරම්භ වීමට නියමිත කොළඹ සහ කත්මන්ඩු අතර ඍජු ගුවන් සේවා වන්දනාකරුවන් සහ අනෙකුත් මගීන් සඳහා ප්‍රධාන සන්ධිස්ථාන වෙත ළඟා වීම පහසු කරනු ඇතැයි අපේක්ෂා කරයි.

     

    විදේශ කටයුතු අමාතය මහාචාර්ය ජී.එල්. පීරීස්, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න සහ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක් වූහ.

     

    HC/IMUPS_Pix by: Sudath Silva 

    President Rajapaksa Holds Bilateral Discussions with SAARC Leaders 1

     

    President Rajapaksa Holds Bilateral Discussions with SAARC Leaders 2

     

    President Rajapaksa Holds Bilateral Discussions with SAARC Leaders 3

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya