අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරිමුතු උයන නිවාස සංකීර්ණය ජනපති අතින් ජනතා අයිතියට

    නොවැම්බර් 22, 2014
    කොළඹ දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත්වන මහජනතාවට නිවාස ඉදිකර දීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ 14, බණ්ඩාරනායක මාවතේ ඉදිකළ මහල් දොළහකින් යුත් නිවාස 546කින් සමන්විත සිරිමුතු උයන නිවාස සංකීර්ණය ඊයේ (21) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
     
    නිවාසලාභීන් වෙත නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී එක්විය. අනතුරුව එම ජනතාව අතරට ගොස් සුහද කථා බහක ද නිරත විය.
     
    අමාත්‍ය විමල් වීරවංශ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන්, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    SIRIMUTHU
     
     
    SIRIMUTHU 1
     
     
    SIRIMUTHU 2
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya