මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි ගොවීහු ජනපති හමුවෙති

    නොවැම්බර් 21, 2014

    ශ්‍රි ලංකාව පුරා විසිරි සිටින කිරි ගොවීන් 5000කට අධික පිරිසක් ඊයේ (20) දින අරලිය ගහ මන්දිරයේ දි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූහ.

     

    මෙම අවස්ථාවට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ලංකා කම්කරු කොංග්‍රස් මහ ලේකම්, ආරුමුගන් තොන්ඩමාන් මහතා සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා සහභාගි වී සිටියහ.

     

    මෙම රැස්වීම් සභාව සෞම්‍යමුර්ති තොන්ඩමාන් පදනම යටතේ ඇති  ප්‍රජා ශක්ති, නව ශක්ති පදනමෙන් මෙහෙයවන පරිගණක පාඨමාලා  හදාරන සිසුවියන්ගේ නර්තන අංගයන්ගෙන් අලංකාර විය.

     

    2005 වර්ෂයේ සිට 2014 වර්ෂය වන විට කිරි ලීටරයක් සදහා රු. 28 සිට රු. 60 දක්වා 2015 අය වැයට අනුව වැඩි වීම නිමිතිකොට ගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හට තම කෘතවේදීත්වය පළ කිරිම සඳහා කිරි ගොවීන් මෙම රැස්වීමේ අපේක්ෂාව වී තිබිණි.‍

     

    කිරි ගොවි මහතුන්ගේ දියුණුව සහ යහපත තකා දිනකට කිරි වැඩි ප්‍රමාණයක් ලබා ගත හැකි ඉතා උසස් වර්ගයේ එනම් කිරි ගවයින් ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයනය කරන ලද බව මෙම අවස්ථාවට එක් වු ආරුමුගන් තොන්ඩමාන් මහතා ප්‍රකාශ කර සිටියේය.

     

    තවදුරටත් සිය අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා, “මෙමඟින්  මහින්ද චින්තනය පරිදි  2016 වන විට ඉතා සීග්‍රයෙන් රට කිරෙන් ස්වයං පෝෂිත කිරීම කළ හැකියි.  කඳුකරයේ සංවර්ධනය සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිදු කරනු ලබන විවිධ වැඩ සටහන් සඳහා එක් උදාහරණයක් තමයි, අද දින මෙම කිරි ගොවීන් 5000ක් පමණ ඉදිරියේ සිටින්නේ. එහෙත් 55000කට අධික කිරි ගොවීන් ලංකාව පුරා විසිරී සිටින බවත්  ඉදිරියේ  පැවැත්වීමට නියමිත සෑම මැතිවරණයක් සඳහා ම මේ සියලු දෙනාගේ ම සහය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ට ලබා දීම නිසැකයි. ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සම්පුර්ණ සහය ලංකා කම්කරු කොංග්‍රසය මගින් ලබා දෙනවා“ යැයි ප්‍රකාශ කර සිටියේය.

     

    මෙම අවස්ථාව සදහා විදේශ කටයුතු  අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා, පශු සම්පත්  අමාත්‍යංශ ලේකම් එච්.එල්. තිසේරා මහතා , මිල්කෝ පුද්ගලික සමාගමේ සභාපති සුනිල් වික්‍රමසිංහ මහතා, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති රංජිත් ඇල්ලෙගල මහතා ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

     

    SDF

     
    milk2
     
    Milk1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya